C & D Construction

C & D Construction ‘C & D Construction’ Company is leading for all kinds of Construction activities to meet the Cli

සුභ අලුත් අවුරුද්දක් වේවා......ජයම වේවා....C & D Construction ...
15/04/2019

සුභ අලුත් අවුරුද්දක් වේවා......ජයම වේවා....
C & D Construction ...

කෝණ මාසවල ගෙවල් සෑදීම නොකළ යුතුයිවාස්‌තු ශිල්පය යනු ස්‌වභාව ධර්මයට එකඟව, විශ්ව ශක්‌තීන්ගේ දෝලනයට පටහැනි නොවන ලෙස භූමිය ම...
02/04/2019

කෝණ මාසවල ගෙවල් සෑදීම නොකළ යුතුයි

වාස්‌තු ශිල්පය යනු ස්‌වභාව ධර්මයට එකඟව, විශ්ව ශක්‌තීන්ගේ දෝලනයට පටහැනි නොවන ලෙස භූමිය මත සිදු කරනු ලබන නිර්මාණ ක්‍රියාවලියන් පිළිබඳව අවශ්‍ය භෞතික සහ පාර භෞතික දැනුම සපයන සුවිශේෂී විෂයක්‌ ලෙස ඉතාමත් කෙටියෙන් හඳුන්වා දිය හැකියි. නූතන නිවාස සැලසුම්කරණයේ දී බොහෝ අය විශේෂ අවධානයක්‌ යොමු කරනු ලබන්නේ භෞතික පැතිකඩ සඳහා පමණි. එය නිවැරැදි ක්‍රමය නොවන බව මතක තබාගත යුතුයි. නිවසක්‌ ඉදිකිරීමේ දී භෞතික පැතිකඩට අමතර වශයෙන් ඒ හා බැඳුණු ආධ්‍යාත්මික පැතිකඩත් ප්‍රබලව ක්‍රියාත්මක වන බව හඳුනාගත යුතුයි. මෙම ආධ්‍යාත්මික පැතිකඩ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී වාස්‌තු විද්‍යාව තුළ හමුවන සංකල්ප රාශියක්‌ පවතිනවා. ඒවා අතර වාස්‌තු පුරුෂය, බ්‍රහ්ම පාදය, විශ්ව ශක්‌තිය, සුභ සහ අසුභ පාද, සුභ අසුභ දිශා, බහිරව පූජා, භූමි ඥාතීන්, කෝණ මාස සහ වාස්‌තු මර්මස්‌ථාන ආදී ලෙස සංකල්ප රාශියක්‌ සඳහන් වෙනවා. මේවා පිළිබඳව නූතන ජනයා අතර පවතින දැනුමේ අල්ප භාවය නිසාම නොසලකා හැර තිබීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්‌ ලෙස පෙන්වා දිය හැකියි.

වාස්‌තු ශිල්පය තුළ හමුවන මෙවැනි පාර භෞතික සංකල්ප පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ මේ සෑම සංකල්පයකම විද්‍යාත්මක සත්‍යයන් පිළිබිඹු වන බව සහ ඉතාමත් තර්කානුකූලව ඒවා නූතන විද්‍යාව සමග සැසඳිය හැකි බවයි. පෙර විසූ අපගේ මුතුන් මිත්තන් මෙම වාස්‌තු සංකල්පය පිළිබඳව විශ්වාස කොට ඒවා ඇදහූ අතර ඒවායේ විපුල ප්‍රයෝජන ලබා ගන්නා ලදී. එසේ වුවද ව්‍යාජ කාර්මීකරණය හා තක්‍ෂණ දියුණුව හමුවේ බිහිවී තිබෙන භෞතිකවාදී සංකල්ප නිසා මිනිසා හැම දෙයක්‌ම භෞතික අන්තයෙන් සිතීම තුළ අතරමං වී ඇති බව පෙනී යනවා.

එසේ වුවද ආධ්‍යාත්මික බලය භෞතික බලයට වඩා සිය දහස්‌ ගුණයකින් වැඩි බව සිහි තබාගත යුතුයි. මේ ගැන ඔබට පුංචි නිදසුනක්‌ පෙන්වනවා නම්, ඔබට කොපමණ මිල මුදල් හා භෞතික සම්පත් තිබුණත් ඔබගේ ගෘහයේ වාස්‌තු දෝෂ බලවත් නම්, ඔබගේ මානසික ආතතිය සහ මානසික පීඩනය ඉහළ යැම තුළ සතුට ඔබගේ නිවසින් පලා යනු ඇත. එය ඔබට භෞතික දේවල් තුළින් ඉටුකර ගැනීමට හැකියාවක්‌ නැහැ. ඔබගේ රෝග පීඩා ඉස්‌මතු වීම, පවුලේ සමගිය පළුඳු වීම, සතුරන් ඇතිවීම වැනි දේද ආධ්‍යාත්මික සංකල්ප තුළ මතුවන්නා පාර භෞතික පැතිකඩක්‌ බව මතක තබා ගන්න.

පෙර විසූ රිෂි උතුමන් මිනිසාට තේරුම්ගත නොහැකි ගැඹුරු සිද්ධාන්ත ඔවුනට සරලව තේරුම් කර දීම සඳහා විවිධ සංකේත සහ සංකල්ප මගින් ඉදිරිපත් කළා. වාස්‌තු පුරුෂ සංකල්පද එවැන්නක්‌ බව මතක තබා ගන්න. විශ්ව ශක්‌තීන් දෝලන න්‍යාය පැහැදිලි කරදීම සඳහා වාස්‌තු පුරුෂ සංකල්පය යොදාගත් බව මනාව ඔප්පු වෙනවා. එසේම භූමියේ පාද බෙදීම තුළද ඇත්තේ එවැනිම විද්‍යාත්මක සිද්ධාන්ත සමූහයකි. භූමිය මත ඇතිවන්නා වූ ධන හා Rණ තරංගවල රටාව භූමියේ පාද සටහන තුළින් ඉදිරිපත් කර තිබෙනවා. එසේම කෝණ මාස වශයෙන් ඉදිකිරීම් නොකළ යුතු කාල පරාසයක්‌ පෙන්වා දී තිබෙනවා. එය වර්ෂයකට කෝණ තුනක්‌ ලෙස දක්‌වා තිබෙනවා. එහිදී සිදු වන්නේ පෘථිවියේ භ්‍රමණය හා පරිභ්‍රමණය තුළ සිදුවන විචලනයන් නිසා ඇති වන්නා වූ විශේෂ තත්ත්වයන් පිළිබඳව හඳුන්වා දීමට සහ පෘථිවිය තුළ චුම්භක ශක්‌තිය ප්‍රබල කාලයක්‌ වන මෙම කෝණ මාස තුළදී කරනු ලබන ඉදිකිරීම්වල විවිධ අඩුපාඩු සහ ඉරි තැලීම් හා ගිලා බැසීමට තිබෙන අවදානම අවම කර ගැනීම සඳහායි.

ඉහතින් පෙන්වා දුන් පරිදි වාස්‌තු ශිල්පය යනු සුවිශේෂී විෂය ධාරාවක්‌ වන අතර ජ්‍යෙතිෂ්‍ය විද්‍යාව යනු වාස්‌තු විද්‍යාව නොවන බවද මතක තබාගත යුතුයි. වාස්‌තු ශිල්පය තුළදී ජ්‍යෙdතිෂ්‍ය සංකල්පය යොදා ගැනීම පමණක්‌ සිදු කරන අතර වාස්‌තු ශිල්පය යනු වෙනම විෂයකි. මෙය වරද්දා ගෙන තිබෙන බව ප්‍රායෝගිකව අත්දැකීම් තුළින් මනාව පෙනී ගොස්‌ තිබෙනවා.

නූතනයේ නිවාස සැලැස්‌මක වාස්‌තු පරීක්‍ෂා කිරීම සඳහා බොහෝ අය සොයා යන්නේ ජ්‍යෙතිෂ්‍යවේදියා ළඟටයි. එය හරියට ලෙඩකට බෙහෙත් ගැනීමට දොස්‌තර ළඟට යනවා වෙනුවට කොන්දොස්‌තර ළඟට යනවා වගේ වැඩක්‌. නිවාස සැලැස්‌මක නැකත් බැලීම යනු වාස්‌තු බැලීම් නොවන බව ඔබ මනාව අවබෝධ කර ගන්න. නිවසක්‌ ඉදිකිරීමට අවශ්‍ය සුභ මුහුර්තාදිය ලබා ගැනීමට ජ්‍යෙතිෂ්‍යවේදියා ළඟට යැම සුදුසු වන අතර වාස්‌තු බලා ගැනීමට වාස්‌තු ශිල්පියෙකු ළඟට යා යුතු වේ. වාස්‌තු ශිල්පියා සතුව සුවිශේෂි හැකියාවන් භෞතික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් තිබිය යුතුයි. ගෘහ නිර්මාණ ශිල්පියා සහ වාස්‌තු ශිල්පයා වෙනස්‌ වන්නේ එබැවිනි. වාස්‌තු ශිල්පියා සතුව ජ්‍යෙතිෂ්‍ය දැනුම, ගෘහ නිර්මාණ සහ තක්‍ෂණ දැනුම වාස්‌තු ශිල්පීය දැනුම සහ වාස්‌තු මනෝවිද්‍යාත්මක දැනුම මෙන්ම ආධ්‍යාත්මික පරිචයක්‌ ද පැවතිය යුතුයි. එම නිසා වාස්‌තු ශිල්පය නිසියාකාරයෙන් හඳුනාගෙන ඔබගේ ගෘහයේ විශ්ව ශක්‌තිය නිසි ලෙස එකඟ කර ගැනීමට ලෝ වාසීන්ට ප්‍රඥාව ලැබේවා යෑයි මෙත් සිතින් පතමු.

25 HOME RENOVATION MISTAKES..........1. Starting renovations too soon2. Underestimating costs3. Expecting everything to ...
15/03/2019

25 HOME RENOVATION MISTAKES..........

1. Starting renovations too soon

2. Underestimating costs

3. Expecting everything to go according to plan

4. Not hiring a designer from the start

5. Going for the lowest bid

6. Hiring a professional that’s not a good fit

7. Not asking for references

8. Waiting too long to consult a general contractor

9. Pretending to understand a design scheme

10. Not asking enough questions

11. Making too many changes along the way

12. Not setting up a timeline

13. Not thinking outside the box, literally

14. Sweeping interiors under the rug

15. Underestimating psychological stressors

16. Skimping on quality

17. Splurging where you should save

18. Replacing windows

19. Not knowing measurements

20. Buying giant furniture

21. Buying miniature rugs

22. Not getting everyone on the same page

23. Trying to be your own general contractor

24. Spending too much on tech

25. Working on too many rooms at once

15/03/2019
අත්තිවාරම සඳහා ලණු ගැසීමේ වාස්‌තු විද්‍යාත්මක ක්‍රමයඉඩමක්‌ පරික්‍ෂා කර බැලීමෙන් පසු සැලැස්‌මේදී අදින ලද නිවාසය දිසාගත කි...
14/03/2019

අත්තිවාරම සඳහා ලණු ගැසීමේ වාස්‌තු විද්‍යාත්මක ක්‍රමය

ඉඩමක්‌ පරික්‍ෂා කර බැලීමෙන් පසු සැලැස්‌මේදී අදින ලද නිවාසය දිසාගත කිරීම වැදගත්ම කටයුත්තක්‌ වේ. ඉඩම හතරැස්‌, අක්‍රමවත් ආකාරයෙන් තිබුනත් ආලෝකය සහ වාතාශ්‍රය, ජලයෙන් යට නොවීම වැදගත්ම කරුණු හැටියට සලකා බලා ඉඩමේ අත්තිවාරම් දැමීම සැළසුම් කළ යුතුය. විශේෂයෙන්ම ඉඩමේ ප්‍රේත පාදයට අසුවන කොටස ම`ග හැරීමට වගබලා ගන්න. නිවසේ පිටත මායිමේ සිට ඉඩමේ මායිමට අඩි 7 1/2 ක්‌ අතහැරීමට නාගරික අධිකාරියේ නීතිය ද සකස්‌ වී ඇත. මෙම ඉවත්වන කොටස ප්‍රේත පාදයට අසුවන කොටසයි. විශාලම ඉඩමක්‌ නම් ඉඩමේ හරි මැද නිවාසය පිහිටුවීම සුබ නොවන්නේ හය බ්‍රහ්මපාදය වන බැවිනි. බ්‍රහ්මපාදයට හසුවන නිවාසය පාළු වේ. පදිංචියට සුදුසු නැත. ප්‍රධාන පාරට ආසන්නව නිවාස තැනීමෙන් පාරේ යන එන්නන්ගෙන් සහ වාහන ආදියෙන් කරදර පැමිණේ. හැකිතරම් ඉඩමේ ඉදිරිභාගය ඉඩ හැරීමෙන් ඉදිරිපස මිදුල විශාලවනවා පමණක්‌ නොව නිවසේ පිහිටීමේ අලංකාරය ද වැඩි කරනු ඇත.

මාලිමාව යොදා ගෙන ලණු ගැසීම

මාලිමාව යොදාගනු ලබන්නේ නිවසේ අත්තිවාරම් ලණු ගැසීමටය. මාලිමාව භූචුම්බක උතුර දැක්‌වෙන උපකරණයකි. අත්තිවාරම් සඳහා ලණු ගැසීමේදී මෙම භුචුම්භක රේඛාව ඔස්‌සේ ප්‍රධාන ලණු දික්‌ අතට ගැසිය යුතුය.

වාස්‌තු විද්‍යාවට අනුව ගිනිකතිරය අතහැරීම

ප්‍රථිවියේ භූචුම්බක දිසාව දැක්‌වෙන රේඛාව සූර්යාලෝකය උපයෝගීකරගෙන ලබාගන්නා වූ උතුරු දිසාව දැක්‌වෙන රේඛාවත් එකිනෙකට කැපීයන කෝණය කුඩා කෝණයකි. මෙම කැපී යන රේඛා දෙකට හසුවන කොටස වාස්‌තුවිද්‍යාවේදී ගිනිකතිරය යනුවෙන් නම් කරයි. ගිනි කතිරයට අසුවනසේ නිවසක ලණු ගැසීම ශුභ නොවේ. එමනිසා එය ම`ග හරවා ලණු ගැසීම විශේෂයෙන්ම කළ යුතුයි. ගිනිකතිරය අසුවන ගෙවල් පාළු වේ. විනාශ වේ.


නිවසක සැලැස්‌ම

දිසාගත කර ලණු ගැසීම

ඉඩමක නිතරම ප්‍රධාන දිසාවට දිසාගත වී නොතිබීමට පුළුවන්. සමහර ඉඩම්වල පැති හතරකට වඩා තිබිය හැකිය. මේ නිසා අත්තිවාරමේ ප්‍රධාන ලණු ගැසීමේදී දැඩි අවධානයක්‌ යොමුකළ යුතුය. ඉඩමේ පිටත අතහැරිය යුතු කොටස්‌ නිශ්චය කරගත් පසු ප්‍රධාන ලණු ගැසීම ආරම්භ කළ යුතුය. ඉඩමක වැසි ජලය බැසයන දිසාව ඉඩම හරහා බටහිර සිට නැගෙනහිර දිසාවට ගලා යන ආකාරයට සකස්‌ කරගත හැකි නම් එය නිවසට වඩාක්‌ ශුභදායක වේ.

අප විසින් මාලිමාව භාවිත කර ඉඩම දිගේ නූලක්‌ ඇඳගත යුතුය. ඊළ`ගට එම නූල ස්‌ථාවරව තිඛෙන්නට සලස්‌වා සැළසුම් ඇඳගත් කඩදාසිය එම නූලට සමාන්තරව තබා ගනිමින් පැති නූල් ද ඇඳ ගත යුතුය. ඊළ`ගට අංශක 90 කෝණයක්‌ පිහිිටින සේ හරස්‌ නූල් ද ඇඳගත යුතුය.

ගෙයක සෑම මුල්ලක්‌ම අංශක 90 ක්‌ තිබිය යුතුය. තවද මෙම මුළු හතර හන්දි නොවන සේ වගබලා ගත යුතුය. හතර හන්දි ගෙවල් වාසයට සුදුසු නැත. හතර හන්දි එන පාද ඇත්නම් එය ම`ගහරවා ගෙන නූල් ඇඳ ලණුගසා අත්තිවාරම් කැපීම සුදුසු වේ. නූල් ගැසීමේදී ප්‍රධාන නූල් උතුරු දිසාවෙන් ම`ග හැර බටහිර දිසාව පැත්තට බර වන සේ එනම් ගිනිකොනට අසුවන්නේ නම් එය ම`ගහරවා ගත යුතුය. එම සීමාවට අසුවන රේඛා ගිනිකතිරයට අසු වන ලෙස සලකයි.

එබැවින් අත්තිවාරම් නූල් ගැසීමේදී උතුරු දිසාවේ සිට ඊසාන දිසාවට තරමක්‌ බරවන සේ ලණු ගැසීම ඉතාම වැදගත් වේ.

නිවාසය තැනීම සඳහා තෝරාගන්නා ඉඩමේ තමා දැනුවත්ව හෙණ ගැසූ ඉඩමක්‌ හෝ පමණ හුඹස්‌ බැඳ දැමූ තැනක්‌ හෝ නොවිය යුතුයි. සොහොන් භූමි, පාළු භූමි ඉඩමක්‌ නොවිය යුතුය. ගල්වලවල්, තුන්මංසන්ධි මැදිවූ තැන් පදිංචියට සුදුසු නැත.

වර්ණවත් පස්‌ ඇති කුඩා ගල් බොරළු සහිත ගස්‌වැලින් පිරි ඉඩම වඩා සුදුසුය.

ත්‍රිකෝණාකාර ඉඩම් ද, අටපට්‌ටම් හැඩැති ඉඩම් ද, පතාකයක හැඩය ඇති ඉඩම් ද, උදළු තලයක, පොරව තලයක හැඩැති ඉඩම් ද නිවාස තැනීමට සුදුසු නොවේ.

ගරාවැටුනු විහාර, දේවාල, සොහොන් කොත් ඇති භූමියද නිවාස ඉදිකිරීමට යෝග්‍ය නොවේ. නැගෙනහිර සිට බටහිර දෙසට තද බෑවුම් සහිත ඉඩම් ද වාසයට යෝග්‍ය නොවේ. කිසියම් භූමියකට වැටෙන වැසි ජලය බටහිර සිට නැගෙනහිර බලා ගලා බසී නම් එය සම්පත් ගලා එන භූමියකි. එය වාසයට සුදුසු වේ.

නිවෙසක කාමර ඛෙදිය යුතු දිශා පිළිවෙළඋතුරු දිශාව - වටිනා වස්තු ගබඩා කාමරය,නිදන කාමරනැගෙනහිර දිශාව - නාන කාමරයගිණිකොණ දිශාව...
14/03/2019

නිවෙසක කාමර ඛෙදිය යුතු දිශා පිළිවෙළ

උතුරු දිශාව - වටිනා වස්තු ගබඩා කාමරය,නිදන කාමර
නැගෙනහිර දිශාව - නාන කාමරය
ගිණිකොණ දිශාව - මුළුතැන්ගෙය
දකුනු දිශාව - නිදන කාමර
බටහිර දිශාව - ශාස්ත්‍රීය කටයුතු කාමරය,කෑමකන කාමරය
ඊශාන දිශාව - ආගමික කටයුතු සිදු කරන ස්ථානය කාමරය
වයඹ දිශාව- ධාන්‍ය ගබඩා කාමරය
නිරිත දිශාව - වැසිකිළි කැසිකිළි ආදිය සහ ආයුධ ගබඩාව

ගෘහ අංග නිසිලෙස ස්‌ථානගත කරන්නනැතිනම් ප්‍රථිපල භයානකයිමිනිසා යනු ස්‌වභාව ධර්මයාගේ නිර්මාණයකි. එම නිර්මාණයන්ට අවශ්‍ය අංග ...
14/03/2019

ගෘහ අංග නිසිලෙස ස්‌ථානගත කරන්න
නැතිනම් ප්‍රථිපල භයානකයි

මිනිසා යනු ස්‌වභාව ධර්මයාගේ නිර්මාණයකි. එම නිර්මාණයන්ට අවශ්‍ය අංග අවශ්‍ය පරිදි නිසි ලෙස යෙදීම ස්‌වභාව ධර්මයෙන් කිරීම හා කුසලතාවන් ඇති ඇස්‌, කට, නාසය, කන් ආදී කොටස්‌ මෙන්ම අත් පය ආදි මේවා නිසි තැන යෙදී තිබේ. මේ සියලු දේවල් එක්‌ වූ විට මිනිසා යන හැඩතලය අපට හඳුනාගත හැකි විය. එසේ වුවද නාසය තිබෙන තැන කට යෙදී තිබුණොත් කුමක්‌ වෙයිද? එසේa වුවහොත් එම මනුෂ්‍යයාට සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පැවතීමට ඇති හැකියාව අහිමි වී යනු ඇත. එම හැඩතලය විකෘති තත්ත්වයක්‌ ලෙස ප්‍රතික්‌ෂේප වනු ඇත. මෙම ආකාරයටම සෑම ඉදිකිරීමක්‌ම ස්‌වභාව ධර්මයට එකඟව ඉදි කරන්නේ කෙසේද යන්න පිළිබඳව කියා දීම වාස්‌තු ශිල්පය තුළින් සිදු කෙරේ. මෙහිදී ගෘහයක ගෘහ අංග නිසි තැන නිසි දිශාවේ ස්‌ථාන ගත කරන්නේ කෙසේද කියා දීම වාස්‌තු ශිල්පය තුළින් සිදු කෙරේ. මෙහිදී ගෘහයක ගෘහ අංග නිසි තැන නිසි දිශාවේ නිසි ආකාරයට ස්‌ථානගත කිරීම ඉතා වැදගත් වේ. මුළුතැන්ගෙය තිබිය යුතු ස්‌ථානයේ එය ස්‌ථානගත කිරීම කළ යුතු වේ. ප්‍රධාන නිදන කාමරය තිබිය යුතු තැන එය ස්‌ථානගත කළ යුතු වේ. වාස්‌තු ශිල්පයට පටහැනිව මුළුතැන්ගෙය තිබිය යුතු ස්‌ථානයේ ප්‍රධාන නිදන කාමරය ස්‌ථානගත කිරීම යනු කට තිබෙන තැනට කන ගියා වාගේ, විකෘති තත්ත්වයක්‌ වනු ඇත. මේ නිසා ස්‌වභාව ධර්මයේ නිර්මාණ හැඩ තල ඊට අනුරූපීව සිදු කිරීම වාස්‌තු ශිල්පයේ ශිල්ප ක්‍රම තුළින් කියා දී තිබේ. මෙම ලිපියෙන් පැහැදිලි කරදීමට උත්සාහ ගන්නේ ගෘහයේ ගෘහ අංග නිසි ලෙස ස්‌ථානගත කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

ඔබගේ ගෘහයේ ගෘහ අංග නිසි ස්‌ථානයේ ස්‌ථානගත කිරීම තුළින් ඔබට නිවසේ දෝෂ මඟහරවා ගත හැකි අතර ඒ තුළින් ඔබට ඉතා පහසුවක්‌ දැනෙන අතර එසේ නොවුණ විට දෝෂ හටගන්නා අතර ඔබට විවිධ අපහසුතා දැනෙනු ඇත. ප්‍රධාන වශයෙන් නිසි තැන ස්‌ථාන ගතකළ යුතු ගෘහ අංග කිහිපයක්‌ ඔබගේ නිවසේ තිබෙන බව ඔබ මතක තබාගත යුතු බව පෙන්වා දෙමි. ඒවා අතර

* ආගමික කටයුතු
* ප්‍රධාන නිදන කාමරය
* ළමා කාමර

ඉතා වැදගත් බව පෙන්වා දෙමි.

* ආගමික කටයුතු

ඔබගේ නිවසේ වාස්‌තු දෝෂයන් කොපමණ තිබුණත් නිසි තැන, නිසි දිශාවේ නිසි ආකාරයට ආගමික කටයුතු සිදු කරන්නේ නම් එම දෝෂයන්ගේ අයහපත් බලපෑම්වල අයහපත් ප්‍රතිඵල ඔබට නොදැනෙනු ඇත. මේ නිසා ඔබ හැමවිටම ඔබගේ ගෘහයේ ආගමික වතාවත් සිදු කිරීම උතුරු ඊශාන හා නැගෙනහිර දිශාව බලා බ්‍රහ්ම පාදයෙන් උතුරු කොටසෙහි සිදු කිරීමට වගබලා ගත යුතු වන අතර කිසිම විටක ප්‍රධාන ද්වාරයේ පහන් පත්තු කිරීම හෝ ආගමික ශාස්‌තෘන්ගේ පින්තූර තැබීම නොකළ යුතු බව පෙන්වා දෙමි.

* මුළුතැන්ගෙය

නිවසක මුළුතැන්ගෙය යනු එම නිවසේ මූල්‍ය මධ්‍යස්‌ථානය හා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කැඩපතක්‌ බඳු බවට කිව යුතුයි. ගෘහයේ මුළුතැන්ගෙය නිසි ලෙස ස්‌ථානගත වී ඇති නිවාසවල වාස්‌තු දෝෂ අවම බව මා විසින් සිදු කළ පර්යේෂණවලින් තහවුරු වී ඇත. ගෘහයේ මුළුතැන්ගෙය සඳහා ඉතාමත් සුදුසු දිශා දෙකක්‌ පවතී.

1. ගිණිකොන දිශාව ඉතා යහපත්
2. වයඹ දිශාව

උතුරු හා බටහිරට මුහුණත් නිවසක්‌ සඳහා මුළුතැන්ගෙය ගිණිකොන දිශාව ඉතා යහපත් වන අතර දකුණට සහ නැඟෙනහිරට මුහුණත් නිවාසවල මුළුතැන්ගෙය වයඹ දිශාවට ඉතාමත් යහපත් බව පෙන්වා දෙමි. මුළුතැන්ගෙය සඳහා ඉතාමත් අයහපත් ස්‌ථාන දෙකක්‌ ඇත. එනම්,

1. ඊශාන දිශාව ඉතා අයහපත්
2. නිරිත දිශාව

ඊශාන දිශාවේ හා නිරිත දිශාවේ මුළුතැන් ගෙවල් යොදා ඇති නිවාස වාස්‌තු දෝෂවල උල්පත ලෙස සකස්‌ වී ඇති බව පෙනියයි. එබැවින් එම දිශා දෙක කිසිම විටෙක මුළුතැන්ගෙවල් සඳහා යොදා නොගැනීමට වග බලා ගන්න. එසේම නැගෙනහිර, බටහිර, දකුණ, උතුර යන දිශා මිශ්‍ර ඵල සහිත දිශා ලෙස හැදින්විය හැකියි.

* ප්‍රධාන නිදන කාමරය

ගෘහ අංග අතර ඉතාමත් ප්‍රබල ගෘහ අංගයක්‌ ලෙස ප්‍රධාන නිදන කාමරය පෙන්වා දිය හැකිය. ප්‍රධාන නිදන කාමරය නිසි ලෙස ස්‌ථානගත වීම තුළ එම නිවසේ යහපත් දැ සිදුවනු ඇත.

1. පින්වත් දරු ඵල ලැබීම
2. ස්‌වාමි භාර්යා සමගිය
3. නිරෝගී සම්පත
4. කීර්තිය පැතිරයැම

මේ නිසා නිවසේ ප්‍රධාන නිදන කාමරය යනු ඉතාමත් ප්‍රබල ගෘහ අංගයකි. සෑම විටම ප්‍රධාන නිදන කාමරය නිරිත දිශාවේ යෙදී තිබීම ඉතාමත් යහපත් වේ. ගෘහයේ නිරිත දිශාව හිස්‌ නොවිය යුතු අතර නිවසට ශ්‍රියා කාන්තාව පැමිණීම සිදු වන්නේ නිරිත දිශාවෙනි. එසේම විශ්ව ශක්‌තිය නිවසින් බැහැර වන නිරිත දිශාව තුළ ප්‍රධාන නිදන කාමරය තිබීම ඉතාමත් යහපත් බව පෙන්වා දෙමි.

ප්‍රධාන නිදන කාමරය සඳහා ඉතාමත් අයහපත් දිශා දෙකකි, එනම්,

1. ඊශාන දිශාව
2. ගිණිකොන දිශාව

මෙම දිශා දෙක හැර අනෙකුත් දිශාවන් මිශ්‍ර ඵල බව මතක තබාගත යුතුයි. ප්‍රධාන නිදන කාමරය නිසි ලෙස ස්‌ථානගත නොවීම තුළ පහත සඳහන් අයහපත් තත්ත්වයන් ගෘහයක උද්දීපනය විය හැකි බව පෙන්වා දෙමි.

1. දරු ඵල අහිමිවීම්
2. පින්වත් දරුවන් නොලැබීම
3. ස්‌වාමි භාර්යා අසමගිය
4. අපකීර්තිය ඇතිවීම

මේ නිසා ගෘහයේ ප්‍රධාන නිදන කාමරය නිසි ලෙස පිහිටුවා ගැනීමට උත්සාහ ගත යුතුයි.

* ළමා කාමර

වාස්‌තුවට අනුව ළමුන්ගේ කාමර සඳහා කාමර ස්‌ථාන ගත කිරීමේ ක්‍රියා පිළිවෙළ පැහැදිලි කරදී තිබෙනවා. දෙවියන් හා ළමුන් එකම දිශාවක යෙදිය හැකි බව මතක තබාගත යුතුයි. මේ නිසා ළමුන් සඳහා ඉතාමත් සුදුසුම දිශාවන් වන්නේ,

1. ඊශාන දිශාව
2. උතුරු/නැගෙනහිර දිශාවන්

* ළමුන් සඳහා ඉතාමත් අයහපත් දිශාවන් වන්නේ,

1. නිරිත දිශාව
2. ගිණිකොන දිශාව

ළමුන් සඳහා කාමර යෙදීමේදී මිශ්‍ර ඵල සහිත දිශා ලෙස බටහිර දකුණු දිශා පෙන්වාදිය හැකිය. ගෘහයේ නිසි දිශාවේ ළමුන් තැබීම තුළ ඔබට පහත සඳහන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකියිs.

1. ඉතා කීකරු හා ගුණගරුක දරුවන් ලැබීම
2. අධ්‍යාපන තත්ත්වයන් වැඩි දියුණුව සිදුවීම
3. රෝග පීඩා අවම වීම

දරුවන් නිසි දිශාවේ ස්‌ථානගත කිරීම තුළ ඉහත ප්‍රතිඵල ලබාගත හැකි අතර සැමටම අධ්‍යාපන කටයුතු උතුරු, ඊශාන හා නැගෙනහිර දිශා බලා සිදු කිරීම වැදගත් වන අතර නිදන ඇඳ උතුරු දිශාවට නොදැමීමට වගබලා ගන්න. විශේෂයෙන් ළමුන්ගේ අධ්‍යාපනය සාර්ථක වීම සඳහා ඊශාන හා වයඹ දිශා ඉවහල් වන බව පෙන්වා දෙන අතර ඔබගේ නිවස දෙමහල් නිවසක්‌ නම් කිසිම විටක මුළුතැන්ගෙය උඩ හෝ මුළුතැන්ගෙය යට කාමර ළමුන් සඳහා භාවිතා නොකිරීමට වගබලා ගන්න.

වාස්‌තුවට අනුව ගෘහ අංග නිසි දිශාවේ පිහිටුවීම තුළින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීම හා වාස්‌තු දෝෂ මඟහරවා ගැනීම කළ හැකි බව ඔබට කරුණාවෙන් පෙන්වා දෙමි. ඉහතින් දක්‌වන ලද ප්‍රධාන ගෘහ අංග හා ගෘහ කටයුතු පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කිරීමට වගබලා ගන්න. මීට අමතරව බ්‍රහ්ම පාදය හා නිවසේ ද්වාර සටහන යහපත් ස්‌ථානවල පිහිටුවා ගැනීමටද අවශ්‍ය බව පෙන්වා දෙමි. මෙසේ ඔබගේ නිවසේ ගෘහ අංග නිසි ලෙස පිහිටුවා ගැනීම තුළ නිවස ස්‌වභාව ධර්මයාට එකඟ නිවසක්‌ බවට පත්වනු ඇත. එසේ නොවුණු කළ ස්‌වභාව ධර්මයාට විරුද්ධ ගෘහයක්‌ වීමට ඉඩ තිබේ. ස්‌වභාව ධර්මයාට එකඟ නොවන සෑම දෙයකම පැවැත්ම තාවකාලික බව මතක තබාගත යුතුයි. ඉපැරැණි සෘෂි දහමක්‌ වන වාස්‌තු ශිල්පය තුළින් ඔබට කියා දෙන්නේ සැම විටම ස්‌වභාව ධර්මයාට එකඟව කටයුතු කරන්නේ කෙසේද යන්න පිsළිබඳවයි. ඔබගේ ගෘහය සම්පත් ගෘහයක්‌ බවට පත්කර ගැනීමට ඔබ සැමට ශක්‌තිය හා ප්‍රඥාව පහළ වේවා·

ශාස්‌ත්‍රවේදී වාස්‌තුවිද්‍යා විශාරද පේරාදෙණියේ, ඩී.යූ. සෙනරත්

නිවසක දොර ජනෙල් නිවැරදි නැතිනම් සියලු සම්පත් මකර කටට යයිනිවසක අලංකාරයටත් හොඳ වාතාශ්‍රයක් ආලෝක තත්වයක් පැවතීමටත් දොර ජනෙල...
14/03/2019

නිවසක දොර ජනෙල් නිවැරදි නැතිනම් සියලු සම්පත් මකර කටට යයි

නිවසක අලංකාරයටත් හොඳ වාතාශ්‍රයක් ආලෝක තත්වයක් පැවතීමටත් දොර ජනෙල් අවශ්‍ය වේ. දොර ජනෙල් නිසි ප්‍රමිතියෙන් මෙන්ම වාස්තු විද්‍යාත්මක දෝෂ වලින් තොරව නිවැරදිව ස්ථාන ගත වු කල ලද හැකි ශුභ ඵල එමටය. දොර ජනෙල් නිර්මාණය සඳහා මෙන්ම නිවසක අනෙකුත් දැව අවශ්‍යතා සඳහා භාවිතා වන දැව පන්ති වර්ගීකරණයක්ද වේ.

ඒ ඒ පන්තියට අදාළ දැව වර්ග

අධි සුඛෝපභෝගී පන්තිය - නැඳුන්, කලුවර ,තේක්ක

සු‍ඛෝපභෝගී පන්තිය - මැහෝගනී,බුරුත,මිල්ල, හල්ම්ල්ල

අධි වි‍ශේෂ පන්තිය -කොස්,සුරියමාර,ගම්මාලු,,
කොලොන්,වෑවරණ

පළමුවැනි පන්තිය - මුනමල් .සයිප්‍රස් . හොර, කැටකෑල, මී,
සෙවනමාර, කෝන්, හැඩවක. යුකැලිප්ටස්,
පානක්ක, උබ්බේරිය, කිරිනැබිලිය,මාදං,
හල්මැන්ඩෝරා,පත්කෑල, නෙරලු,හැලඹ

දෙවැනි පන්තිය -කීන, ඇහැල, දවට, ගිනිසපු,ඇත්දෙමට,
ගොඩපර, දුනුමඩල, කිරි කෝං,අලුබෝ
දවල්කුරුඳු, රතටිය,පනුදත්,තිඹිරි, ටූනා
දොරණ, කරව්,මිහිරිය, දාඹු. කිරිපෙද්ද,
කොස් ගොන්න, තලං, වැලිපැන්න,
පනාමොර,නිත්තඇට

තුන්වැනි පන්තිය -ඉහත කාණ්ඩ 5ට වර්ග කර නොමැති
සියලුම දැව වර්ග.උක්ත ලී වර්ග
අතුරින් දොර ජනෙල් සඳහා‍ හොඳින්
මේරු අරටුව සහිත මිල්ල, හල්මිල්ල,
කොස්, බුරුත තේක්ක ගිනිසපු ආදී දැව සුදුසුය.

නිවාස කටයුතු සඳහා දැව ලබා ගැනීමේදී පුරාණයේ සලකා බැලු කරුණු

*දැව සඳහා ගසක් කපාගත යුත්තේ තෙතමනය අඩුව කඳ වියළිව පවතින ගෙඩි හා කොල අඩු කාලවලය. මෙහිදී ගස කැපුවේ පලමුව ගසේ අතු ඉවත් කිරීමෙන් පසුය. ගස කැපීමෙන් පසු වැටීමේදී අරටුවට හානි නොවන්නට මෙසේ අතු ඉවත් කෙරිණි.එමෙන්ම කුඩා ගස් විනාශවිම වැලකීම ද මෙහි අරමුණයි.

* අටවිසි බුදුන් පිටදුන් පුජනීය ගස්, සොහොන් වල තිබෙන ගස්.සර්පයින්.පක්ෂින්.සතුන් ලගින ගස්, ගින්නෙන් පිලිස්සුන් ගස්,මැරුණු ගස්,පුජනීය ස්ථානවල පිහිටි ගස්, බෙන,කැපුම්, පැලම් වැනි කඩතොලු සහිත ගස් නිවාස කටයුතු සඳහා යොදා නොගනී.

*.ගස් කැපීම හිරු,මිථුන, කන්‍යා,ධනු,මීන, යන උභය රාශි ඇති කාලයේ කරුවල දින වල සිදුවුනි. එනම් කෝණ මාසවල අමාවක දිනයන්හිදීය.
හිරු - සිංහ හා මකර රාශිවල ගත කරන කාලය ගස් කැපීම සඳහා යොදා නොගනී. ඒ ගින්නෙන් හානි වේ යන බියෙනි.

නිවාස කටයුතු සඳහා ගස් කැපීමට යෝග්‍ය නැකැත් ලෙස මුවසිරස,පුනාවස.අනුර.හත, මුල.උත්‍රසල,උත්‍රපුටුප,උත්‍රසල්, සා.සුවන යන නැකැත් ද වෙයි. කළුවර කාලයේ රේවතී සහ රෙහෙන යන නැකැත් යෙදුන තත්කාල කේන්ද්‍රයේ බ්‍රහස්පතී ලග්න ගතව තුදුස්වක තිථිය උදාවු කල ගස් කැපීම ඉතා ශුභය. නිවසකට ඒක වර්ගයක දෙවර්ගයක හෝතුන් වර්ගයක දැව භාවිත කළ හැක. එහෙත් වාස්තු විද්‍යාත්මකව වඩාත්ම සුදුසු වන්නේ එකම වර්ගයක දැව භාවිතයය. එය ශල්‍ය දෝෂ මග හැරීමට හේතුය.

යම් ලෙසකින් වර්ග 2ක දැව භාවිතය මධ්‍යම ප්‍රතිඵල ගෙනදීමට හේතුවන අතර වර්ග 3ක දැව භාවිතය ඉතාම සාමාන්‍ය ප්‍රතිඵල ගෙනදේ. කෙසේ වෙතත් ගස් කපා ගත් දිනම කුට්ටි නොකර දින 15ක් පමණ ජලයේ ගිල්වා කෘමින්ගෙන්,ගුල්ලන්ගෙන් හා පනුවන්ගෙන් වන හානිය අවම කරගත යුතුය. ඊට පසු ඉරාගත් දැව පුපුරායෑම හා ඇදවීම වලකනු පිණිස පදම්කර ගත යුතුය.
දැව පදම්කර ගැනීම ක්‍රමානුකූලව, හිරු එළිය එක එල්ලේ නොවැටෙන හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක සිදුකළ යුතුය. සාමාන්‍යයෙන් මාස 4ක් වත් නොතෙමී ලීවල තෙතමනයද රැකගනිමින් ලී පදම් කරගත යුතුය.

නි‍ෙවසක දොර උළුවසු ඔත්තේ ය - ජනෙල් ඉරට්ටේය.

දොර උළුවස්ස හා ජනෙල් උළුවස්ස සැදීමේදී ඊට යොදාගන්න දැව කඳේ මුල ප්‍රදේශය උළුවස්සේ පහලටත් අතු ප්‍රදේශය උළුවස්සේ ඉහළටත් සිටින සේ යොදාගත යුතුය. නිවසක දොර උළුවසු සංඛ්‍යාව ඔත්තේ විය යුතුය.

එසේම නිවසක ජනෙල් සංඛ්‍යාව ඉරට්ටේ විය යුතුය .
මෙහිදී ජනේලයක් යනු තනි තනි ජනෙල් පියන් නොවේ. ජනෙල් පියන් කීපයක එකතුවකි. ඒසේම නිවසක දොර ජනෙල් දෙකෙහි එකතුව ඔත්තේ විය යුතුය.

නමුත් නිවසක දොර ජනෙල් දෙකෙහි එකතුව 17,19,29,39 ආදී ඔත්තේ සංඛ්‍යා වීම අශුභ බව වාස්තු මතයයි.
උළුවස්සක දිග පළල මැනීමේදී උළුවස්සේ පිටින් පිට දිග පළල ගත යුතුය. වාස්තු විද්‍යාත්මකව දොර හෝ ජනෙල් උළුවස්ස ලෙස ගණන් ගන්නේ දැව හෝ ලෝහමය රාමුවක් සහිත වු විටය. එලෙස සැදු ශෛලමය, දාරුමය හා ලෝහමය දොර ජනෙල් වාස්තු විද්‍යාව අනුමත කරයි. වාස්තු විද්‍යාවේදී දොර යනු දොර පියන නොව උළුවස්සයි.

උළුවස්සක් නොමැති කිසිදු පියනක් දොර පියනක් හෝ ජනෙල් පියනක් නොවේ. නිවසක ප්‍රධාන දොර මෙන්ම සෙසු දොරවල්ද දොර පියන් දෙකකින් යුත්ත වීම ඉතාම ශුභය. එවිට දොරේ සමබරතාව හොඳින් රැකේ.

දොර උළුවසු ජනෙල් උළුවසු වලට ඉහලින් අගල් 9යක පමණ උසට බීරලු, ලැටිස්, ලුවර් හෝ කැටයම් ලෑලි ආදිය භාවිත කරණු දැකිය හැක.

දුවිලි මෙන්ම මදුරුවන්, මෙරුන් වැනි කෘමී සතුන් ඒම වලකනු වස් වීදුරු හෝ තුනී දැල් භාවිතය ද දැකිය හැක. මේවා යොදැනුයේ හොඳ ආලෝක තත්ත්වයක් හොඳ වාතාශ්‍රයක් ලබාගනු සඳහාය. තවද වාස්තු විද්‍යාව විකෘති හැඩැති දොර ජනෙල් උළුවසු භාවිතය අනුමත නොකරයි. එසේම දොර ජනෙල් ඉබේ විවෘත වී‍මත් ඉබේ වැසීමත් අසුබවන අතර විවෘත කරන විටත් වසන විටත් කෙදිරිලි හඬ නැගීමත් අශුභය.
දොර ජනෙල් හි මුල ඇදවීම, පියන් වක ගැසීම,ගෙතුලට හෝ පිටතට ඇලවීම, දොර ‍ජනෙල් පමණට වඩා විශාල වූ විට කුඩා හෝ පළල් වීම යන කරුණු වාස්තු විද්‍යාත්මකව ඉතාම අශුභ සේ පිළිගැනේ.
නිවසේ මුල්ලකට කිසිදා කිසිදු දොරක් ජනේලයක් නොතබන්න. ඊට හේතුව එම ස්ථානවල මර්මස්ථාන පිහිටා තිබීමයි. දොර ජනෙල් තැබිය යුත්තේ මර්මස්ථාන වලට අසු නොවන සේ ශුභ පාද ගතවය. නන්දා, ඡයා,පුර්ණ වැනි පාද මේ සඳහා සුදුසුය.

කිසිදු විටක නිවාස කටයුතු සඳහා පැරණි ,භාවිතාකළ දැව යොදා නොගන්න.
ප්‍රධාන උළුවස්ස තබනුයේ නැකතකට වන අතර මොනම හේතුවක් නිසාවත් තැබු උළුවස්ස පොලවෙන් ඉහලට ඔසවනු නොලැබේ. උළුවසු පැනීමද ප්‍රධාන වඩුවා හෝ පෙදරේරුවා කළයුතු.
උළුවසු පැනීම බරපතල ලෙස වස් දොස් වදින ක්‍රියාවකි. කෙසේ වෙතත් උළුවසු තැබීමත් උළුවසු පැනීමත් කාර්ය සිද්ධි යෝග සහිත බලගැන්වු නැකතින් සිදු කළ යුතුය.

දොර පියන සවි කිරීමේදී එය දකුණු පසට විවෘත වන සේ විය යුතුය. නමුත් එය මුදුන් යට ලීය දෙසට විවෘත නොවිය යුතුය. යම් උළුවස්සක උස වැඩිකර ගත යුත්තේ අගල්4 1/2 බැගින් බවද දැන යුතුය.
නිවසක දොර උළුවසු වලට වඩා ජනෙල් උළුවසු ගණන වැඩිවිය යුතුය. දොර ජනෙල් උළුවසු ගණන් ගැනීමේදී ප්ලාස්ටික් කොන්ක්‍රිට් දොර ජනෙල් උළුවසු ගණන් නොගනී .ජනෙල් උළුවසුත් අනෙක් දොර උළුවසුන් ප්‍රධාන දොර උළුවස්සට වඩා මිටි විය යුතුය.

ජනේලයකට යෙ‍දිය යුතු උපරිම පියන් සංඛ්‍යාවද 4කි.ප්‍රධාන උළුවසු කඳටම අල්ලා දොර ජනෙල් යෙදීම ද අශුභය. එය නපුංශක ද්වාර ලෙස වාස්තු විද්‍යාවේ සඳහන් වේ.
නිවසක දොර ජනෙල් වැඩි වු තරමට ශුභය. එහෙත් ‍එසේ දොර ජනෙල් වැඩිවිය යුතු වන්නේ නිවසේ වර්ග ඵලයෙන් හෙවත් ගෘහ පින්ඩයෙන් 10/1ක ප්‍රදේශයක් ආවරණය වන පරිදිය.

මහල් නිව‍සක් සැලකු කල මහල් දෙකේම දොරවල් ඔත්තේ විය යුතුය. ජනෙල් ඉරට්ටේ විය යුතුය. එසේම මහල් දෙකේම දොර ජනෙල් වල එකතුව ඔත්තේ විය. යුතුය. මහල් නිවසක දොර ජනෙල්උළුවසු එක කෙළින් පිහිටීමද දොර ජනෙල් නිසි ප්‍රමිතියෙන් යුතුව නිවැරදිව සාදා නිවැරදිව තබා වාස්තු නොමැති නිවසක් නිර්මාණය කරගන්න. එය ඔබගේ සැපත සතුට සුරැකීමට හේතුය.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

නිවෙසක වාස්තු දෝෂ හඳුනා ගනිමුනිවෙසක පවතින වාස්තු දෝෂ ගැන තරමක් වෙනස් ආකාරයටයි අද ලිපියෙන් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු ...
14/03/2019

නිවෙසක වාස්තු දෝෂ හඳුනා ගනිමු

නිවෙසක පවතින වාස්තු දෝෂ ගැන තරමක් වෙනස් ආකාරයටයි අද ලිපියෙන් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙම නිවෙස සාදා තිබුණේ රූප සටහනේ පෙනෙන ආකාරයටයි.

නිවාස තට්ටු දෙකකට සැලසුම් කළත් පළමු අදියර ලෙසට ස්ලැබ් එක දමා පහළ කොටසේ වැඩ කටයුතු සෑහෙන දුරකට සම්පූර්ණ කර ඔවුන් එහි පදිංචි වී තිබුණා. කරගත යුතුව පවතින ඉතිරි වැඩ කටයුතු කිරීමට උවමනාව තිබුණත් නිතරම බාධා වීමයි සිදුවුණේ. පදිංචි වීමෙන් පසුව නිවැසියන්ටත් නිතරම අසනීප සිදුවුණේ බලාපොරොත්තු නො වුණු විදිහට. අසනීප වී පිළියම් කරනවාට වඩා එසේ වීමට කලින් යම් පිළියමක් කිරීමට හැකි නම් එය දහස් වර වටිනා දෙයක්. “වාස්තු” කටයුතුවල දී ත් මුලදී ම එම කරුණු කාරණා නිවැරැදි ලෙස පිළිපැදීමයි වටින්නේ. අපි බලමු මොනවාද මේ නිවෙසේ තිබූ දෝෂ කියලා.



01). ප්‍රධාන දොර

මේ නිවෙසේ ප්‍රධාන දොර උතුරු දිශාවටයි සවිකර තිබුණේ. ද්වාර සටහනට අනුව උතුර, නැගෙනහිර හා බස්නාහිර යන දිශාවන් පමණක් නිවෙසින් පිටත සීමාවේ සවි කිරීම සුදුසු නැහැ. “අක්‍රාන්ද” නම් වූ මේ ආකාරය නිසා ගෙහිමියන්ට ශෝකය ඇතිවෙන කරුණු යෙදීමට හැකි බව සඳහන්. නිවෙසේ ප්‍රධාන දොර තිබූ ස්ථානයත් දෝෂ ගෙනෙන තැනක්. ඊට ඉදිරියෙන් වූ ගේට්ටුවත් වාස්තුවල දී ගැළපෙන්නේ නැහැ. දැනට නිවෙස ඉදිකර ඇති ආකාරයට අනුව වඩාත් ප්‍රායෝගිකව වෙනස්කම් කළ හැකි ආකාරය සොයාබලා වැරැදි නිවැරැදි කිරීම වඩාත් සුදුසුයි. සාමාන්‍යයෙන් දකුණට දොරටුවක් දමා “විජය” හෝ උතුරු දිශාවේ ඇති දොරටුව ඉවත් කර “කාන්ත” වර්ගයේ නිවෙසක් කිරීමයි යෝග්‍ය වේ.



02). මායිමට සම්බන්ධය

නිවෙස මායිම් දෙකකටම සාදා ඇති බව ඔබට පෙනෙයි. නැගෙනහිර දිශාව යම් දුරකට ආවරණය වී පවතියි. මේ ආකාරයෙන් නිවෙසේ මායිම්වලට කිට්ටුවෙන් පවතින ප්‍රේත පාදය හා සම්බන්ධ වන පරිදි නිවෙස සෑදීම නුසුදුසු දෙයක් වුණත්, කුඩා ඉඩම් සැලකීමේ දී “ප්‍රේත පාදයේ” දොස් නොවන ආකාරයට අනෙක් වාස්තු කරුණු සම්බන්ධ කර ගත යුතුයි. එවිට ප්‍රේත පාදය තුළ ඔබට දොස් ගෙනදෙන්නේ නැහැ.

03). බ්‍රහ්ම පාදය පීඩාවීම

රුපයේ ඔබට පෙනෙනවා ඇති නිවෙස මැදින් පිහිටන පිහිටි බ්‍රහ්ම පාදය. නිවෙසක බ්‍රහ්ම පාදය කියන්නේ අතිශය වැදගත් පුජනීය ප්‍රදේශයකට. මෙම ස්ථානය කිසිම දෙයකින්, ආකාරයකින් පීඩාවට පත් කිරීම නිවැසියන්ට විපාක අත්කර දෙන කාරණයක්. බ්‍රහ්ම පාදය තුළ ඇති පඩිපෙළ, බිත්ති හා කොන්ක්‍රීට් කනුව, කාමරයේ දොර සියල්ලම දෝෂ සහිතයි. පඩිපෙළ ඇතුළතින් පිහිටි ගබඩා ස්ථානයත් ඇත්තේ නිවෙසේ මධ්‍යයට වෙන්නයි.මේවා කිසිම විටෙකත් නිවෙසේ මධ්‍යයට නො ගත යුතු දේවල්. ආර්ථික පසුබෑමක් සමඟ නිවෙසේ වැඩ කටයුතු අඩාල විමත්, නොසිතූ ගැටලු මතුවීම හා නිවැසියන් රෝගී කරවීම පිණිස කරුණු ඇතිවීම මෙමඟින් සිදු විය හැකි දෙයක්.

හදපු නිවෙසකට කොටස් එකතු කරද්දී මේ ගැනත් සිතන්නදැනට පදිංචි නිවෙසට යම් යම් කොටස් එකතු කර ඉඩකඩ වැඩි කරගන්න එක සාමාන්‍යයෙන් ...
14/03/2019

හදපු නිවෙසකට කොටස් එකතු කරද්දී මේ ගැනත් සිතන්න

දැනට පදිංචි නිවෙසට යම් යම් කොටස් එකතු කර ඉඩකඩ වැඩි කරගන්න එක සාමාන්‍යයෙන් අප හැමෝම කරන දෙයක්. නමුත් බොහෝ දෙනා මෙසේ කරන්නේ නිවැරැදි ක්‍රම ගැන මනා දැනුවත් බවක් නැතිවයි.

දෝෂ සහිතව තැනූ නිවෙසකට පිළියමක් ලෙස මෙවැනි කොටස් එකතු කර දෝෂය වළක්වා ගන්නට හැකි වාගේම, නොසොයා - නොබලා මෙසේ සිදුකළ විට නිවෙසකට ශුභ ඵල අත්වෙන්නේ කලාතුරකින්. සමහර විට ශුභ ඵල ඇති නොවෙන අවස්ථාදෙ තිබෙනවා. මේහො සම්බන්ධ කාරණා බොහොමයක් පෙර ලිපි මඟින් ඔබව දැනුවත් කළා මතක ඇති. අද ලිපියත් වෙන්වන්නේ හිතුමනාපේ නිවෙසට කොටස් ඇමිනිමෙන් දෝෂ ඇතිවන ආකාරය තවදුරටත් පෙන්වා දීමටයි.

මොහොතකට සිතන්න, ඔබේ නිවෙස ගැන. බොහෝ දෙනා වාස්තු විද්‍යානුකූලව නිවැරැදිව ගේ හදලා පදිංචි වෙනවා. නිවෙසක් කියන්නේ කෙනකුගේ වාසස්ථානය පමණක්ම නොවේ.

වැඩිහිටි අප කරනා රැකීරක්ෂා, ව්‍යාපාර ආදියට, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ගෙදර සැමගේ නිරෝගී බව යනාදී කාරණා බොහෝමයකට ශුභ ඵල ලබා දීමට නිවෙසකින් ලබා දෙන්නේ මනා පිටිවහලක්.

සෑම වැඩ කටයුත්තකටම අප පිටත් වන්නේත්, ඒවා අවසානයේ නැවත පැමිණෙන්නේත් නිවෙසටමයි. මෙය බොහෝ අවස්ථාවලදී මා පවසන දෙයක්.

ඔබ නිවෙසක මෙවන් ශ්‍රියා නිවෙසකට තව කොටස් එකතු කරන්නේ ඔබේ අත මිටේ මුදල් ගැවසෙන නිසානේ. නමුත් මේ අවස්ථාවේ දී වාස්තු විද්‍යාව මඟහැර කටයුතු කළොත් ඉහත කී පරිදි බොහෝදුරට වන්නේ දෝෂයක්. මෙය වැඩිදෙනකු විසින් සිදුකර ගන්නා අවාසනාවන්ත කාරණයක්. අපි බලමු උදාහරණයට ගත් මෙම නිවෙසේ තිබූ ඇතැම් වාස්තු දෝෂයන් හා ඒවාට පිළියම් යෙදීම ගැන.

(01.) නිවැරැදි ජ්‍යාමිතික හැඩතල නිවෙසකට යොදන්න

මේ නිවෙස ඉංග්‍රීසි“ඹ්” අකුරේ හැඩයට ඉදිකළ එකක්. මෙවන් නිවෙසක බොහෝවිට මධ්‍යය පීඩා වීම දක්නට ලැබෙන දෙයක්. ඒවාගේම සම උසින් දිශා හතරකට එල්ලවන මුදුන් ලී පද්ධතියත්, එයටම සම්බන්ධ වූ බ්‍රහ්ම පාදයට යොමුවන කාණු පීලි ආදියත් ඉතා අසුබ දේවල්.

ගෘහ මූලිකයාට නිවෙසින් ලැබෙන බලය හීන කර සමස්ත නිවෙසටම දෝෂ ඇති කරන අවස්ථාවක්. නිවෙසේ මධ්‍යයට හිරු එළිය වැටෙන නිසා රෙදි වේළීමට යොදා ගත්තෙත් මෙම විවෘත කොටසයි. නො දැනුවත්කමින් සිදුකරන මෙවන් කටයුතු නිසා නිවෙසක යාදීම නැති කරයි.

(02.) කොටස් අමුණද්දී නිවෙසේ සියලු අංශ ගැන සැලකිලිමත් වන්න

ඔබේ අවශ්‍යතාව මත නිවෙසකට කොටස් සම්බන්ධ කිරීමේදී කුමන ආකාරයට පරිහරණය කරනවා ද යන්න මත ඒවා පිහිටිය යුතු ස්ථානය තීරණය වේ. ස්ථානීය වශයෙන් බලා, දිශානුගතව පිහිටුවා, ඒවාට අදාළ වන සෙසු වාස්තු කරුණු ගළපා, මීට සමගාමිව නිවෙසේ අලංකාරය ගැනත් සිහියේ තබාගෙන නිවෙසේ වෙනස්කම් කළ යුතුයි. සරලව අපට පෙනෙන අත්තිවාරම් දැමීම ගැන පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් නැහැ. ඒවා මත බිත්ති බැඳ වහලය දෝෂ නොවන සේ පිළියෙල කිරීම ගැනත් දීර්ඝව කල්පනාකර නිවැරැදි දේ කළ යුතුයි. පදිංචි නිවෙසකට කොටස් සම්බන්ධ කරගැනීමේ දී මා ඉහත කියූ “දුර දැක්ම” නම් අනිවාර්යය දෙයක්.

නිවැරැදිව මුල් ගල තියන්නේ මෙහෙමයිඋදා වූ 2019 වසරේ නව නිවාස ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම කාර්යයේදී මූලික වන මුල...
14/03/2019

නිවැරැදිව මුල් ගල තියන්නේ මෙහෙමයි

උදා වූ 2019 වසරේ නව නිවාස ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම කාර්යයේදී මූලික වන මුල්ගල තැබීමේ චාරිත‍්‍රය නිවැරදිව ඉටුකිරීම සඳහා අනුගමනය කළ යුතු සරල වත් පිළිවෙත් කිහිපයක් මෙසේ සඳහන් කරමු.

නව නිවසක් ඉදිකිරීමේදී සුබ දිනයක් මෙන්ම සුබ නැකතක් තෝරා ගැනීම මෙම කටයුත්තේදී මූලික වන අතර ලණු ඇද අත්තිවාරම් කපා සුදුසු දිශාව අනුගමනය කරමින් මුල්ගල තැන්පත් කළ යුතුය.

මෙහිදී බොහෝ අය දානපතියන්, ව්‍යාපාරිකයන් අතින් එම කටයුත්ත සිදුකිරීමට පෙළඹෙන අවස්ථා දැකිය හැකි අතර ඒ ඔවුන් මුදල් අතින් ඉහළ තැනක සිටිනවා යන මතය හේතුවෙනි. එහෙත් අදාළ නිවසේ ඉදිකිරීම් සඳහා මුදල් වියදම් කරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් එම කටයුත්ත ඉටු කිරීම ඉතා නිවැරදිය.

සුබ නැකතට තබන මුල්ගල නිසි ප‍්‍රමිතියට අනුව සකස් වූ එකක් වීම ඉතා වැදගත් වන අතර අද බොහෝ විට ප‍්‍රයෝජනයට ගැනෙනුයේ වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ඒවාය. එහෙත් උසින් අඟල් 5 ක් පළලින් අඟල් 4 ක් මෙන්ම දිගින් අඟල් 9 ක ප‍්‍රමාණයේ රන්, රිදී, මුතු, මැණික් ඇතුළු සෞභාග්‍යයේ සංකේත එහි අඩංගුවීම නිවැරදි මුල්ගලක ලක්‍ෂණ වේ.

මීළඟට එය තැන්පත් කරන ස්ථානය මෙන්ම දිශාව ද බොහෝ පිරිස් ගැටලූවක් කරගන්නේ එකී කාර්යය පිළිබඳ නිසි දැනුවත්භාවයක් නොමැති නිසාය. මෙම කාරණයේදී නොයෙක් දෙනා නොයෙක් දිශාවන්වල මුල්ගල තැන්පත් කිරීමට උපදෙස් දීමට හැකිය. එහෙත් සියලූ කටයුතු සඳහා සුබ දෙවියන්, බුදුන් මෙන්ම අනෙකුත් සියලූම ආගමික ශාස්තෘවරුන්ගේ පිළිම පිංතූර තැන්පත් කිරීමට සුදුසු සතියේ දින හත තුළ මරු නොසිටින ඊසාන දිශාව ඒ සඳහා සුදුසුම දිශාව වනු ඇත.

නියමිත දිශාව තෝරාගත් පසු ඊළඟට අවධානය යොමු කළ යුත්තේ එය තැන්පත් කරන ස්ථානය පිළිබඳවය. ස්ථිර වශයෙන්ම විවාදයෙන් තොරව ඒ සඳහා අප තෝරාගත යුත්තේ නොපෑගෙන ස්ථානයක් වීම ඉතා වැදගත්ය. එලෙස අවධානය ලක් නොකොට පෑගෙන ස්ථානයක වැසිකිළි වළක් ආසන්නයේ හෝ වෙනත් අශුභ දිශාවක මුල්ගල තැන්පත් කිරීමෙන් පවුලේ සාමාජිකයන් අතර අසමගිය ඔවුන්

රෝගීවීම, නිතර නිතර කරදර බාධක එල්ල වීම, දියුණුව දිනෙන් දින අඩාල වීම, ජීවිත හානි මෙන්ම සමහර විට ජීවිත කාලය පුරා බලාපොරොත්තු වන නිවස සාදාගැනීමට නොහැකි තරමේ විපාක ගෙනදීමට සමත් වනු ඇත.

එබැවින් හැම විටම මුල්ගල ඊසාන දිශාවේ මුල්ලකට හසුවන ආකාරයට තැන්පත් කිරීමට වගබලාගන්න.

එසේ සිදුකිරීමට පෙර ආගමික වතාවත් ඉටුකර භූමිය පුරා සුවඳ දුම් ඇල්ලීමෙන් අමනුෂ්‍ය බලවේග ඇතුළු බාහිරින් පැමිණෙන සියලූ බලවේග දුරුකරගත හැකි අතර පිරිත් කියා දෙවියන්ට පිං අනුමෝදන් කර දේවාශිර්වාදය ලබාගැනීමෙන් සියලූ කටයුතු ඉතා සාර්ථකත්වයට පත්වනු ඇත

Following are few general points to remember for civil site engineers to make the construction work easier while maintai...
12/03/2019

Following are few general points to remember for civil site engineers to make the construction work easier while maintaining quality of construction.

1- Minimum thickness of slab is 125 mm.

2- Water absorption should not be more than 15 %.

3- Dimension tolerance for cubes + – 2 mm.

4- Lapping is not allowed for the bars having diameters more than 36 mm.

5- Chair spacing maximum spacing is 1.00 m (or) 1 No per 1 m2.

6- For dowels rod minimum of 12 mm diameter should be used.

7- Chairs minimum of 12 mm diameter bars to be used.

8- Longitudinal reinforcement not less than 0.8% and more than 6% of gross C/S.

9- Minimum bars for square column is 4 No’s and 6 No’s for circular column.

10- Main bars in the slabs shall not be less than 8 mm (HYSD) or 10 mm (Plain bars) and the distributors not less than 8 mm and not more than 1/8 of slab thickness.

11- Minimum thickness of slab is 125 mm.

12- Dimension tolerance for cubes + 2 mm.

13- Free fall of concrete is allowed maximum to 1.50 m.

14- Lap slices not be used for bar larger than 36 mm.

15- Water absorption of bricks should not be more than 15 %.

16- PH value of the water should not be less than 6.

17- Compressive strength of Bricks is 3.5 N / mm

18- Use formulas: D2/162 to find unit weight of steel in kg/m where is Diameter of steel mm or D2/533 (kg/ft)

19- In steel reinforcement binding wire required is 8 kg per MT.

20- In soil filling as per IS code, 3 samples should be taken for core cutting test for every 100 m2.

21- Electrical conduits shall not run in column.

22- Earth work excavation for basement above 3 m should be stepped form.

23- Any back filling shall be compacted 95% of dry density at the optimum moisture content and in layers not more than 200 mm for filling above structure and 300 mm for no structure.

24- Cement shall be stored in dry places on a raised platform about 200 mm above floor level and 300 mm away from walls. Bags to be stacked not more than 10 bags high in such a manner that it is adequately protected from moisture and contamination.

25- A set of cube tests shall be carried out for each 30 cm of concrete / each levels of casting / each batch of cement.

Address

No 559 B , Galle Road , Panadura
Panadure
12500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when C & D Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share