26/10/2026
🌊 ජලාශ වාන් දොරටු විවෘත කිරීම පිළිබඳ විශේෂ නිවේදනයයි!
ඉඟිණිමිටිය, තබ්බෝව සහ දැදුරු ඔය ජලාශවල වර්තමාන ජල තත්ත්වය පාලනය කිරීම සඳහා වාන් දොරටු විවෘත කර ජලය මුදාහැරමින් පවතී. පහත ප්‍රදේශවල පදිංචි සහ මී ඔය හා දැදුරු ඔය දෙපස වාසය කරන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.
1️⃣ ඉඟිණිමිටිය ජලාශය
වාන් දොරටු විවෘත කර ඇති ආකාරය:
දොරටු 2ක් අඩි 2 බැගින්
දොරටු 2ක් අඩිය බැගින්
මුදාහරින ජල ප්‍රමාණය: තත්පරයට ඝන අඩි 3,000ක් (මී ඔය වෙත)
විශේෂ අවධානයට: ඉඟිණිමිටිය ජලාශයට පහළ නිම්නයේ මී ඔය දෙපස පදිංචි ජනතාව ජල මට්ටම් පිළිබඳව විශේෂ අවධානයෙන් පසුවන්න.
2️⃣ තබ්බෝව ජලාශය (මී ඔය ගංගා ද්‍රෝණිය)
වාන් දොරටු විවෘත කර ඇති ආකාරය:
දොරටු 4ක් අඩි 2 බැගින්
දොරටු 4ක් අඩි 3 බැගින්
මුදාහරින ජල ප්‍රමාණය: තත්පරයට ඝන අඩි 4,400ක් (මී ඔය වෙත)
විශේෂ අවධානයට: ජලාශයේ පහළ ප්‍රදේශවල සහ මී ඔය ගංගා ද්‍රෝණිය දෙපස පදිංචි ජනතාව ගංගාවේ ජල මට්ටම් වෙනස්වීම් පිළිබඳව සැලකිලිමත් වන්න.
3️⃣ දැදුරු ඔය ජලාශය
වාන් දොරටු විවෘත කර ඇති ආකාරය: දොරටු 8ක් අඩි 3 බැගින්
මුදාහරින ජල ප්‍රමාණය: තත්පරයට ඝන අඩි 15,700ක් (දැදුරුඔය වෙත)
විශේෂ අවධානයට: දැදුරු ඔය ජලාශයට පහළින් දැදුරු ඔය ආශ්‍රිතව පදිංචි ජනතාව ජල මට්ටම් ඉහළ යාම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න.
⚠️ අවවාදයයි
:
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ මගින් විටින් විට නිකුත් කරනු ලබන නිවේදන හා උපදෙස් අනුව කටයුතු කරන ලෙස සියලුම ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
— වාරිමාර්ග අධ්‍යක්ෂක (ජල කළමනාකරණ)