Thiita Designers & Consultants Pvt. Ltd.

Thiita Designers & Consultants Pvt. Ltd. We are a professional engineering consultancy specializing in construction and design services

පරිපූර්ණ විස්තරයක් නෙවෙයි හැබැයි මේ කාලෙ තියන ආර්ථික අපහසුතා සහ අමුද්‍රව්‍ය මිල නිසා අඩු වියදමින් නිවසක් හදන්න අවශ්‍ය මූ...
31/05/2023

පරිපූර්ණ විස්තරයක් නෙවෙයි හැබැයි මේ කාලෙ තියන ආර්ථික අපහසුතා සහ අමුද්‍රව්‍ය මිල නිසා අඩු වියදමින් නිවසක් හදන්න අවශ්‍ය මූලික කරුණු කීපයක්

⭐⭐⭐Cost effective design techniques (architectural and structural)⭐⭐⭐

1. වෘත්තීමය වශයෙන් සුදුසුකම් සහ අත්දැකීම් තියන ගෘහනිර්මාණ ශිල්පියෙකුට පුලුවන් ඉදිකිරීම් පිරිවැය බොහෝ අවම වෙන විදිහය නිවසේ අංග ස්තාන ගත කරන්න. ඒකෙන් ව්‍යුහ ඉංජිනේරුවාට වැඩේ පහසු වෙනවා. ව්‍යුහ ඉංජිනේරුවාට වැඩේ පහසු වෙනවා කියන්නෙම අඩු වියදම් සැලසුමක් කියන එක.

2. ගෘහ නිර්මාණශිපියාට පුලුවන් අඩු වියදම් finishes ගැන තොරතුරු ලබා දෙන්න. ඊගාවට පස සහ ඉඩම අනුව වෘහ ඉංජිනේරුවට පුලුවන් බර දරන බිත්ති යොදලා කොන්ක්‍රීට් සහ කම්බි සැලකියයුතු ලෙස අඩු කරන්න. 9" බිත්ති යොදනවනම් සමහර අවස්තාවල බේස් කනු නැතුව උනත් ස්ලැබ් එක දාන්න පුලුවන්. මේ වැඩ වලට වැඩේ කරන ඉදිකිරීම් කරුවාගෙ සහයත් අවශ්‍ය වෙනවා. කම්බි සහ කොන්ක්‍රීට් වගේ නෙවෙයි බිත්ති වලින් බර ගන්න කොට වැඩ වල කොලිටිය උපරිමෙන් ඕනි. ආවට ගියාට බිත්ති බඳින්න බෑ.

3. ව්‍යුහ ඉංජිනේරුවාගේ සහ ඉදිකිරීම් කරුවාගේ එකඟතාවය අනුව ලාබනම් වැලි වෙනුවට ගල්කුඩු යොදා ගන්න පුලුවන්. සාමන්‍යෙන් 50:50 දාන්න පුලුවන්. හැබැයි ඉදිකිරීම් කරන කෙනා comfortableනම් 100% වැලි යොදාගත්තත් පුලුවන්. මේවගෙ අවස්තාවලදි ඉංජිනේරුවා සහ ඉදිකිරීම කරන කෙනා හොඳ අවබෝදයක් සහ නම්‍යශීලීබවක් ඇතුව කටයුතු කරන එක වටිනවා. තියරි වලින් හරි උනාට වැඩක් නෑ වැඩේ ප්‍රායෝගිකව කරන confidentකෙනා නැත්නම්.

4. පෙර සවි (precast), සම්පීඩනය කල පස් වලින් හදන බිත්ති (rammed earth) වගේ උපක්‍රම යොදන්න පුලුවන්.

5. සාම්‍රපදායිකව දාන 10 mm අඟල් 6න් 6 හෝ 8න් 8 නැතුව ව්‍යුහ ඉංජිනේරුවාගේ මගපෙන්වීම යටතේ 8mm කම්ම්බි අඟල් 10න් 10 උනත් යොදන්න පුලුවන්. ස්ලැබ් නෙට් එකේ සමහර කොටස් වලට 6 කම්බි දාන්න පුලුවන්. ඒවගෙම සැලසුම අනුව කනු සහ බීම් වල පළල 6" ට සීමා කරන්න පුලුවන්.

මේ ක්‍රම කීපයක් විතරයි. තව බොහෝ දෙවල් කරන්න පුලුවන් හරියට හොයලා බලලා නිසි වෘතීය සහය ලබාගන්නවනම්. මූලිකම අංගය තමයි ඉදිකිරීමේ ප්‍රායෝගිකත්වයට මුල්තැන දෙන සැලසුමක් ඇඳගන්න එක. හරියට සැලසුම ඇඳගත්තොත් ඉතිරි සියල්ල පහසු වෙනවා. සැලසුම සරළ වෙන තරමට වියදම අවමයි. ගොඩ දෙනෙක් සැලසුම වරද්දගන්නවා. එතකොට ඉංජිනේරුවාට සහ ඉදිකිරීම් කරුවාට අඩු වියදම් ශිල්ප දාන්න පුලුවන් වපසරිය සීමා වෙනවා. ප්ලෑන් එක අඳින කොට ඒකෙ දළ මුල් සැලසුම් ටික සුදුසුකම් සහ අත්දැකීම් තියන කෙනෙක්ට පෙන්වල උපදෙස් ගන්න. ඉංජිනේරුවෙක්ට පෙන්වන්න වියදම් කරන්න බෑ කියලා හිතෙනවනම් පළපුරුදු බාස් කෙනෙක්ට හරි පෙන්නන්න. වහලෙ එහෙම වහල ගහන කෙනෙක්ට පෙන්නලා අහන්න මේක අඩු වියදමින් කරන එක ප්‍රායෝගිකද පුලුවන්ද කියලා

ටික කාලෙකට කලින් පල කරපු ලිපියක්. අදටත් ඒ කරුනු වැදගත්.‼️‼️Conduit දාන්න ඕනි බොටම් නෙට් එකට උඩින්ද? යටින්ද? ‼️‼️ඕනෑම ඉදි...
21/05/2023

ටික කාලෙකට කලින් පල කරපු ලිපියක්. අදටත් ඒ කරුනු වැදගත්.

‼️‼️Conduit දාන්න ඕනි බොටම් නෙට් එකට උඩින්ද? යටින්ද? ‼️‼️

ඕනෑම ඉදිකිරීමේ කටයුත්තක සාර්තකත්වයට ඊට සහාබාගි වන සියලු පාර්ශවයන්ගේ දායකත්වය ඉතා වැදගත්. ඒවගේම තමයි විවිධ පාර්ශවයන් අතර ඇති වෙන ගට්ටන පුලුවන් තරම් අවම කරගන්න ඕනි. අපි අද කතා කරන්න යන්නෙ ඉංජිනේරුවා සහ සමහර ඉදිකිරීම් කරුවන් අතර මතගැටීම් ඇති වීමට බලපාන කාරණාවක් ගැන. ඒ තමයි conduit දාන්න ඕනි කම්බි වලට යටින්ද නැතිනම් උඩින්ද කියන එක.

ඉංජිනේරුවන් අනුමත කරන නිවැරිදි ක්‍රමය නෙට් එක උඩින් බට දාන එක. නමුත් යටින් දැම්ම කියලා slab එකක් කඩන් වැටෙන්නෙ නෑ. ඒකයි ගොඩක් අය කියන්නෙ අපි කරලා තියනවා මුකුත් උනේ නෑ කියලා. නෙට් එකට යටින් බට දාන එකේ පසු කලීන ගැටලු කීපයක් තියනවා. ටික කාලෙකින් බට පාරවල් යටින් පේන්න ගන්නවා. මුහුද ගාව ඉදිකිරීමක් නම් කම්බි ඉක්මනට මලකඩ කනවා. ගින්නකදි එහෙම fire resistance අඩු වෙනවා. කම්බි යටින් දාන එකෙන් මූලිකව වෙන්නෙ වෙන්නෙ strength ගැටලුවක් නෙවෙයි durability ප්‍රශ්නයක්. බොහෝ කොන්තරාත්කරුවන් වග කියන්නෙ concrete එක කඩන් වැටෙන්නෙ නැති එකට. නමුත් පසු ගැටලු වලට වග කීමක් නෑ.

නිවැරිදි ක්‍රමය ඒක උනත් කුඩා ඉදිකිරීම් වල, විශේෂයෙන් ගෙවල් වලට ඉංජිනේරු උපදෙස් නොලැබුනොත් බොහෝ වෙලාවට conduit දාන්නෙ නෙට් එකට යටින්. ඒකට හේතු වෙන්නෙ පහත කියන කාරණා ටික. පොඩි ඉදිකිරීම් වල ගොඩක් ඉන්නෙ Unskilled අය. ඒ අය බට ටික තලා ගන්න නිසා බට ටික නෙට් එක යටින් දාන්නෙ. ඒ අදාල ඉදිකිරීම් කරුගේ quality control එකේ අඩු පාඩුවක් මිස නිවැරිදි ක්‍රමය නෙවෙයි. අනිත් එක slab එකේ bottom covering අනවශ්‍ය ලෙස වැඩි කරන්න එපා. එකෙන් වෙන ප්‍රශ්න වෙනවා. ලොකු ගොඩනැගිල්ලි වල කරන විදිහට හොයලා බලන්න. හරි ක්‍රමය net එක යටින් දානඑකනම් ඒවයෙත් එහෙම කරන්න එපැයි. ලොකු ගොඩනැගිල්ලි වල quality control එක හොඳ නිසා වැඩේ පහසුයි. Pump එකෙන් Ready mix දානකොට බට උඩුන් විල්බැරැක්කෙ ගෙනියන්න ඕනි නෑ. ඒවගෙම බීම් ගාව double net වෙන නිසා බට පෑගෙන ප්‍රමානයත් අඩුයි. Concrete කරන වෙලාවට electrician site එකේ ඉන්නවා ප්‍රශ්නයක් උනොත් හදන්න. ඒවගෙම වැඩේ බලන්න engineerලා ඉන්නවා, වැඩේ කරන අයත් skilled. කියන දේ නොකලොත් structural engineer හෝ consultant approve කරන්නෙ නෑ එතකොට තව පාඩු සහ ප්‍රශ්නය. ඒවගෙම main contractor ගැමදේටම වග කියන්න බැඳිලා ඉන්නවා. ඒත් පොඩි ඉදිකිරීම් වලදි එහෙම වෙන්නෙ නෑ. ඒ නිසා වැඩේ අමාරුයි. බට ගැන සැළකිල්ලක් දක්වන්නෙ නැති team එකක් concrete කරනවනම් ඉවක් බවක් නැතුව වැඩේ කරලා බට තැලිලා concrete ගියොත් ලෝක ලෙඩක්. ඒහෙම අවස්තාවක්නම් බට යටින් දානඑක ඇඟට ගුණයි. ඒත් ඒකෙන් කියවෙන්නෙ work quality එකේ අඩුපාඩු. ආයෙත් කියන්නෙ ඕක කලා කියලා හිස මත කඩා වැටෙන්නේ නැත. හැබැයි Slab එකේ strength එක වගේම durability කියන්නෙත් සැල්කිය යුතු සාදකයක්.

අවසන් වශයෙන් කියන්න ඕනි මේ කියලා තියෙන්නෙ නීතියක් නෙවෙයි. ඉදිකටයුතු ගුණාත්මක විදිහට කරගන්න අවශ්‍ය guideline එකක්. Slab එකක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට හෝ තමන්ගෙ work quality එක ඉහලට ගන්න හිතන් ඉන්න ඉදිකිරීම් කරුවෙක්ට මේ කරුණු ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා.

Thiita Designers & Consultants Pvt. Ltd.
0710561858

‼️‼️ KABOOM‼️‼️Not related to house design, but I thought of sharing this interesting tidbit. Blast events can have deva...
20/05/2023

‼️‼️ KABOOM‼️‼️

Not related to house design, but I thought of sharing this interesting tidbit. Blast events can have devastating effects on structures, making it crucial to understand their impact. When a blast occurs, the immense pressure and energy released can cause severe damage and even lead to structural collapse. The forces generated by a blast can result in structural deformation, fragmentation, and displacement of building elements. To mitigate such risks, engineers employ advanced techniques like blast load simulations and protective measures. By studying the behavior of materials and structures under blast loads, we can develop designs that can withstand and absorb the energy, ensuring the safety of occupants. Through ongoing research and innovation, we strive to create resilient structures that can effectively resist and minimize the destructive effects of blasts, protecting lives and preserving infrastructure. Displayed below are the simulation results depicting the impact on a structure caused by a car bomb blast in close proximity to a critical column. The sudden destruction of a column due to a blast imposes additional loads on the remaining columns, potentially initiating a progressive collapse scenario.

⭐⭐⭐ The Intersection of Complex House Designs and Structural Engineering⭐House construction demands attention to detail ...
18/05/2023

⭐⭐⭐ The Intersection of Complex House Designs and Structural Engineering⭐

House construction demands attention to detail and precision for a perfect outcome. Though not mandatory, professional Engineering knowledge ensures structural integrity and safety. Design options vary in cost, with cheap designs emphasizing simplicity and cost-efficiency, while expensive designs offer luxurious aesthetics and creativity. Balancing cost and quality are crucial. Engineering knowledge contributes to flawless construction. Cheap designs prioritize functionality and affordability, while expensive designs embody grandeur and high-end materials. The choice depends on personal preferences and budget.

Structural engineering is crucial for complex architectural designs with large column spans even in house construction. It ensures stability, safety, and integrity without sacrificing design's unique features. In this project, large column spans were necessary to accommodate parking and vehicle maneuvering needs. Our expertise allowed us to achieve spans of over 24 feet without compromising structural integrity. While a span of 24 feet may not be considered large in construction, it is significant for a house. Neglecting proper engineering in such cases can pose potential dangers in the long run. ‼️‼️

Thiita Designers & Consultants Pvt. Ltd.
0710561858

Architectural Design by ONIL Architectural Consultancy Services

⭐⭐⭐ 3D කියන්නෙ මුලාවක්ද?‼️‼️පහුගිය දෙවසර කියන්නෙ නිවසක් හදන්න හිටපු අයට එච්චරම සතුටුදායක කාලයක් නෙවෙයි. ඉදිකිරීම් වලට බා...
07/02/2023

⭐⭐⭐ 3D කියන්නෙ මුලාවක්ද?‼️‼️

පහුගිය දෙවසර කියන්නෙ නිවසක් හදන්න හිටපු අයට එච්චරම සතුටුදායක කාලයක් නෙවෙයි. ඉදිකිරීම් වලට බාදකම ආපු කාලයක් උනත් පහුගිය කාලෙ තුල අපේ සැලසුමකට අනුව බංඩාරගම ප්‍රදේශයේ ඉදිකරපු නිවසක් තමයි මේ. මෙම නිවසට අදාලව කලින් පළකරපු විස්තර සහිත පෝස්ට් වල links පහතින් දක්වල තියනවා. නිසි සැලසුම් සහ වෘතීය සහය තියනවනම් ඇත්තට හදන ඉදිකිරීමෙත් 3D එකේ වගේ නිමාව ගන්න පුලුවන්.

Architectural overview
https://www.facebook.com/ThiitaDesigners/posts/pfbid0FmQw2DpFFrvKsaDgJmN4krAnGcRcsSLXoeBbHk6JyD69SrDdNWR65XEixynDRUPal

Structural Overview
https://www.facebook.com/ThiitaDesigners/posts/pfbid02XbeiB2j9ZC8WrdLnVuKSjy3rgc4JM53DS69cfaAstNxC1ywG29NjAz5weqZr8b9ul

📣📣 ඔබ look එක සහ comfort  එක අගයන කෙනෙක්ද? ‼️ ‼️අද රටේ මධ්‍යම පංතිය කියන්නෙ හැම අතින්ම තැලෙන පිරිසක්. ඔවුන් පුරුදු වෙච්ච...
06/02/2023

📣📣 ඔබ look එක සහ comfort එක අගයන කෙනෙක්ද? ‼️ ‼️

අද රටේ මධ්‍යම පංතිය කියන්නෙ හැම අතින්ම තැලෙන පිරිසක්. ඔවුන් පුරුදු වෙච්ච ජීවන රටාවක් සහ Quality of life එකක් තියනවා. ඒ නිසා නිවසක් කියන්නෙ ඔවුන්ට හිසට වහලක් පමණක් නෙවෙයි තමන්ට comfortably ඉන්න හදන ලස්සන තැනක්. එහෙම නිවසක් හදන්න හිතන් ඉන්න අයට පෙනුම සහ Living Quality එක අඩු කරන්නෙ නැතුව සිහින නිවහන ගොඩනගන්න අවශ්‍ය සැලසුම් සහ උපක්‍රම ගැන අපි කතා කලේ වසර කීපයක ඉඳන්. රටේ ආර්ථික තත්වෙත් එක්ක එවැනි උපදෙස් වල අවශ්‍යතාව තවත් වැඩි වෙලා. ඒ නිසාම සිහින නිවහන සැලසුම් කරගන්න නිසි වෘත්තිකයින්ගේ සහය ලබා ගැනීම ඉතාම කලෝචිතයි. අනවශ්‍ය වියදම් අවම කරන එක පටන් ගන්නෙ කටු සටහනේ ඉඳන්. මුල් අදියරේ ඉඳන් architect සහ structural engineer යන දෙදෙනාම තව අවදානය යොමුකරන නිසා අපි ඔබට ලබා දෙන්නෙ ඉතාම එකක් refined, cost effective design එකක්. නිසි වෘත්තිකයින්ගේ සහය ලබාගෙන වඩාත් ගුණාත්මක සේවාවක් ලබාගන්න අදම අපිට කතා කරන්න.

0710561858

01/01/2023

Wish you a very happy new year!!!

Greetings from THIIITA

‼️‼️අඟල් 9 බිත්ති තියනවනම් කම්බි සහ කොන්ක්‍රීට් අඩු කරගමු‼️‼️පහුගිය වසර කියන්නෙ ඉදිකිරීම් ශේස්ත්‍රයේ නියලී ඉන්න අයට වගේම...
31/12/2022

‼️‼️අඟල් 9 බිත්ති තියනවනම් කම්බි සහ කොන්ක්‍රීට් අඩු කරගමු‼️‼️

පහුගිය වසර කියන්නෙ ඉදිකිරීම් ශේස්ත්‍රයේ නියලී ඉන්න අයට වගේම නිවාස සිහිනය දැකපු බොහෝ දෙනෙක්ට ඉතා අමාරු කාලයක්. අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහල යාමත් එක්ක හැකිතාක් අමුද්‍රව්‍ය අවම ලෙස යොදාගැනීම වෙනදටත් වඩා අද ප්‍රයෝජනවත් වෙලා තියනවා. ඒ කෙසේ වෙතත් අවම පිරිවැයකින් නිවාස ඉදිකිරීම් පිලිබද අප මුල සිටම බොහොම සැලකිලිමත් උන බව කිව යුතුමය. වියදම අවම වෙන විදිහට ඉදිකිරීම් කරන්න පුලුවන් වන ආකාරයට තමයි අපි නිතරම සැලසුම් ලබා දුන්නෙ. මේ තියෙන්නෙ දැනට ගොඩනැගෙමින් පවතින තවත් එක් නිවසක් (GF+1F+Terrace). අපිත් එක්ක වැඩ කීපයක් කරපු contractor කෙනෙක් තමයි මේ නිවසේ ඉදිකිරීම් කරන්නෙ. දන්න කෙනෙක් කරනකොට Construction quality එක ගැන අපිට විශ්වාසදායක නිසා අපිට පුලුවන් උනා කොන්ක්‍රීට් සහ කම්බි තවත් අඩු කරලා structural design එක කරන්න. පහළ පිංතූරෙ තියෙන්නෙ එම නිවසේ බිම් මහලේ සැලසුම. Architectural requirement එකක් නිසා කාමරයේ සහ bathroom එකට යොදාගන්න සැලසුම් කරලා තියෙන්නෙ 9" පළල බිත්ති. ඒ නිසා අපිට පුලුවන් එම බිත්ති බර දරන බිත්ති ලෙස යොදාගන්න. හොඳින් බැලුවොත් පෙනෙයි 9" තියන කොටසේ කනු යොදාගෙන තියෙන්නෙ ඉතාම සීමාසහිතව. ඒවගෙම තමයි කනු අවශ්‍ය තැන් වල යොදාගත්තෙ 6"x9”. තවත් කියන්නම ඕනි කාරණාවක් තමයි මේ විදිහට structure එක design කරන්නනම් architectural plan එකත් ඊට සුදුසු ලෙස ප්‍රායොගිකව මේ ගැන හිතලා ඇඳපු එකක් වියයුතුයි. Architectural සහ structural design දෙකම අපි විසින් කරපු නිසා මුල ඉඳන්ම අදාල වෘත්තීකයින්ගෙ දෙපිරිසම සම්බන්ධ වෙලා තමයි මේ සැලසුම් නිර්මාණය උනේ.

HI ‼️‼️⭐⭐⭐ කාලෙකට පස්සෙ කොහොමද ඉතිං. මාර්තු වලින් පස්සෙ අපේ page එක update උනේම නෑ. ගෙදරට ගෙනාපු නව සාමාජිකයා එක්ක ගොඩක්...
31/08/2022

HI ‼️‼️

⭐⭐⭐
කාලෙකට පස්සෙ කොහොමද ඉතිං. මාර්තු වලින් පස්සෙ අපේ page එක update උනේම නෑ. ගෙදරට ගෙනාපු නව සාමාජිකයා එක්ක ගොඩක් කාර්ය බහුල වෙලා හිටියේ. ඒවගෙම තමයි රටේ තිබුන ප්‍රශ්නත් එක්ක ව්‍යාපෘති වැඩිය ක්‍රියාත්මක උනෙත් නෑ. දැන් බඩු මිලත් බොහොම වැඩියි. ඒ නිසා අපි හිතුව නැවත වරක් අපේ page එක සක්‍රීයව තියාගෙන නිසි වෘතීය සේවාවේ අගය ඔබය මතක් කරදෙන්න. ඒ මගින් කොහොමද ඉදිකිරීම පිරිවැය අඩු කරන්නෙ කියන එක ගැන නැවත වරක් ඔබට අදහසක් දෙන්න.🙂🙂🙂

⭐⭐⭐ Not all hope is lost. A simple makeover can do wonders....⭐⭐⭐ Proposed refurbishment project Mrs. Prarthana at Ragam...
25/03/2022

⭐⭐⭐ Not all hope is lost. A simple makeover can do wonders....
⭐⭐⭐ Proposed refurbishment project Mrs. Prarthana at Ragama

Thiita Designers & Consultants Pvt. Ltd.

21/02/2022

‼️‼️Conduit දාන්න ඕනි බොටම් නෙට් එකට උඩින්ද? යටින්ද? ‼️‼️

ඕනෑම ඉදිකිරීමේ කටයුත්තක සාර්තකත්වයට ඊට සහාබාගි වන සියලු පාර්ශවයන්ගේ දායකත්වය ඉතා වැදගත්. ඒවගේම තමයි විවිධ පාර්ශවයන් අතර ඇති වෙන ගට්ටන පුලුවන් තරම් අවම කරගන්න ඕනි. අපි අද කතා කරන්න යන්නෙ ඉංජිනේරුවා සහ සමහර ඉදිකිරීම් කරුවන් අතර මතගැටීම් ඇති වීමට බලපාන කාරණාවක් ගැන. ඒ තමයි conduit දාන්න ඕනි කම්බි වලට යටින්ද නැතිනම් උඩින්ද කියන එක.

ඉංජිනේරුවන් අනුමත කරන නිවැරිදි ක්‍රමය නෙට් එක උඩින් බට දාන එක. නමුත් යටින් දැම්ම කියලා slab එකක් කඩන් වැටෙන්නෙ නෑ. ඒකයි ගොඩක් අය කියන්නෙ අපි කරලා තියනවා මුකුත් උනේ නෑ කියලා. නෙට් එකට යටින් බට දාන එකේ පසු කලීන ගැටලු කීපයක් තියනවා. ටික කාලෙකින් බට පාරවල් යටින් පේන්න ගන්නවා. මුහුද ගාව ඉදිකිරීමක් නම් කම්බි ඉක්මනට මලකඩ කනවා. ගින්නකදි එහෙම fire resistance අඩු වෙනවා. කම්බි යටින් දාන එකෙන් මූලිකව වෙන්නෙ වෙන්නෙ strength ගැටලුවක් නෙවෙයි durability ප්‍රශ්නයක්. බොහෝ කොන්තරාත්කරුවන් වග කියන්නෙ concrete එක කඩන් වැටෙන්නෙ නැති එකට. නමුත් පසු ගැටලු වලට වග කීමක් නෑ.
නිවැරිදි ක්‍රමය හොහිම උනත් කුඩා ඉදිකිරීම් වල, විශේෂයෙන් ගෙවල් වලට ඉංජිනේරු උපදෙස් නොලැබුනොත් බොහෝ වෙලාවට conduit දාන්නෙ නෙට් එකට යටින්. ඒකට හේති වෙන්නෙ පහත කියන කාරණා ටික. පොඩි ඉදිකිරීම් වල ගොඩක් ඉන්නෙ Unskilled අය. ඒ අය බට ටික තලා ගන්න නිසා බට ටික නෙට් එක යටින් දාන්නෙ. ඒ අදාල ඉදිකිරීම් කරුගේ quality control එකේ අඩු පාඩුවක් මිස නිවැරිදි ක්‍රමය නෙවෙයි. අනිත් එක slab එකේ bottom covering අනවශ්‍ය ලෙස වැඩි කරන්න එපා. එකෙන් වෙන ප්‍රශ්න වෙනවා. ලොකු ගොඩනැගිල්ලි වල කරන විදිහට හොයලා බලන්න. හරි ක්‍රමය net එක යටින් දානඑකනම් ඒවයෙත් එහෙම කරන්න එපැයි. ලොකු ගොඩනැගිල්ලි වල quality control එක හොඳ නිසා වැඩේ පහසුයි. Pump එකෙන් Ready mix දානකොට බට උඩුන් විල්බැරැක්කෙ ගෙනියන්න ඕනි නෑ. ඒවගෙම බීම් ගාව double net වෙන නිසා බට පෑගෙන ප්‍රමානයත් අඩුයි. Concrete කරන වෙලාවට electrician site එකේ ඉන්නවා ප්‍රශ්නයක් උනොත් හදන්න. ඒවගෙම වැඩේ බලන්න engineerලා ඉන්නවා, වැඩේ කරන අයත් skilled. කියන දේ නොකලොත් structural engineer හෝ consultant approve කරන්නෙ නෑ එතකොට තව පාඩු සහ ප්‍රශ්නය. ඒවගෙම main contractor ගැමදේටම වග කියන්න බැඳිලා ඉන්නවා. ඒත් පොඩි ඉදිකිරීම් වලදි එහෙම වෙන්නෙ නෑ. ඒ නිසා වැඩේ අමාරුයි. බට ගැන සැළකිල්ලක් දක්වන්නෙ නැති team එකක් concrete කරනවනම් ඉවක් බවක් නැතුව වැඩේ කරලා බට තැලිලා concrete ගියොත් ලෝක ලෙඩක්. ඒහෙම අවස්තාවක්නම් බට යටින් දානඑක ඇඟට ගුණයි. ඒත් ඒකෙන් කියවෙන්නෙ work quality එකේ අඩුපාඩු. ආයෙත් කියන්නෙ ඕක කලා කියලා හිස මත කඩා වැටෙන්නේ නැත. හැබැයි Slab එකේ strength එක වගේම durability කියන්නෙත් සැල්කිය යුතු සාදකයක්.

අවසන් වශයෙන් කියන්න ඕනි මේ කියලා තියෙන්නෙ නීතියක් නෙවෙයි. ඉදිකටයුතු ගුණාත්මක විදිහට කරගන්න අවශ්‍ය guidline එකක්. Slab එකක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට හෝ තමන්ගෙ work quality එක ඉහලට ගන්න හිතන් ඉන්න ඉදිකිරීම් කරුවෙක්ට මේ කරුණු ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා.

Address

21/3, 6th Lane, Nawala
Rajagiriya

Telephone

+94710561858

Website

Alerts

Be the first to know and let us send you an email when Thiita Designers & Consultants Pvt. Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thiita Designers & Consultants Pvt. Ltd.:

Share