Silver Shine Service Centre

Silver Shine Service Centre -QUICK WASH
-DETAILED WASH
-WASH & WAX
-LUBRICATION
-ENGINE OIL & FILTER CHANGE
-REPAIRS Radiator maintenance is essential to keep your engine healthy.

-- CAR WASH --

- QUICK WASH – Body wash, and tyre dressing (15 Minutes)

- DETAILED WASH – Body wash, carpet wash, glass cleaning, dash cleaning and tire dressing (30 Minutes)

- WASH & WAX – Body wash, carpet wash, glass cleaning, tire dressing, interior vacuuming, and 3M wax (45 Minutes)

- AUTO WASH – Body wash, under wash, carpet wash, glass cleaning and interior vacuuming (20 Minutes)

-- Lubrication Service--
{ Lubrication Service, which is also known as FULL SERVICE is a 7 step process at SILVER SHINE SERVICE CENTER }

- LUBRICATION - We top up engine oil, transmission fluid, brake fluid, clutch & power steering fluid up to optimal capacity or completely change it using high performance brand lubricants. .

- UNDERCARRIAGE DEGREASING - We completely degrease the undercarriage of the automobile, removing accumulated oil and grit using the application of pressure washes with advanced pressure sensors.

- VACUUM FLOOR / SEATS & TRUNK- - We vacuum the cabin interior, seats and trunk to ensure removal of dust and particle accumulation.

- WINDSCREEN & GLASS CLEANING - Our glass treatment improves wet weather driving visibility. The treatment uses a non-streaking formula, ammonia free and safe for tinted windows. This is ideal for high humidity conditions.

- TYRE & DASH DRESSING - We restore the true colour and natural gloss to the dashboard and leaves tyres looking new.

- EXTERIOR WAXING - We apply a hard wax with a clear coat that produces a high-gloss finish to new or old car paint. The wax also acts as a protective layer that helps maintain the paint and protect it for longer.

- VISUAL SAFETY CHECK - A detailed feedback form is issued after every full lubrication service.

-- Engine Oil and Filter Change --

- We keep your engine running smoothly with regularly scheduled oil changes. The quantity of engine oil decreases over time while simultaneously collecting sludge. It is necessary to completely change out the engine oil and clean the filter to keep your engine healthy and running smoothly. Your nearest SILVER SHINE SERVICE CENTER can perform this service for you using high performance products.

-- Engine Cleaning --

- Over time the engine collects grease and sludge deposits. At SILVER SHINE SERVICE CENTER we clean out your engine using special cleaning fluid that breaks apart the grease and impurities reliably and returns it to its fully functioning condition. A clean engine has reduced wear and tear and extended service life.

-- ATF Change --

- We offer manual and automatic transmission fluid exchanges. During a transmission fluid exchange, our service professionals remove all the old transmission fluid and replenish it with new transmission fluid. Old transmission fluid causes your gears to shift either roughly or too slowly to be very effective. Transmission fluid change is necessary to keep your gear changes smooth and prevent damage to your vehicle

-- Radiator Coolant Flush and Replacement--

- A car radiator is responsible for keeping the engine cool. Over a period of time sediment builds up and decreases cooling efficiency. At SILVER SHINE SERVICE CENTER, we replace coolant at regular intervals and our expert technicians assess the state of your radiator and service the cooling system appropriately.

-- Brake Fluid Change --

- Instead of only topping up brake fluid, it is safer to completely change it when the fluid is in poor condition. Our Car Care Experts will help identify when this becomes necessary and carry out the service.

-- Exterior Detailing --

- Exterior detailing involves the cleaning and restoring of the exterior of the automobile. This involves the vehicle's finish, its chrome trim, windows, wheels, and tires as well as other visible components of the vehicle. At SILVER SHINE SERVICE CENTER, we have products and techniques specialized to deal with different surface types, surface conditions and preferences. Our exterior detail package includes:

-/Body wash
-/Cut
-/Polish
-/Wax

-- Interior Detailing --

- Interior detailing involves a deep cleaning of the whole interior cabin of the automobile. Automobile interiors have a variety of materials used inside the cabin, such as synthetic upholstery, leather, natural fiber, vinyl, carbon fiber, plastics and rubber, to name a few. At SILVER SHINE SERVICE CENTER, we use the best products and techniques available to clean and maintain the interior of your car, leaving everything pristine and as good as new. Our interior detailing process includes:

-/Removal of seats
-/Cleaning of seats
-/Drying of seats
-/Vacuum cleaning
-/Cleaning of floor boards
-/Cleaning of dashboard
-/Cleaning of hood

26/03/2023
= එන්ජින් ඔයිල්  සම්මතකරණ =එජින් ඔයිල්වල ප්‍රධාන කාර්යන් කීපයක් තියෙනව .ප්‍රදාන වශයෙන් ගත්තොත්• එන්ජිමේ චලනය වන කොටස් ලු...
22/03/2023

= එන්ජින් ඔයිල් සම්මතකරණ =

එජින් ඔයිල්වල ප්‍රධාන කාර්යන් කීපයක් තියෙනව .ප්‍රදාන වශයෙන් ගත්තොත්

• එන්ජිමේ චලනය වන කොටස් ලුබ්‍රිකේට් කිරීම

• ගෙවීම අවම කරවීම

• ලොහ කොටස් මල බැඳීම වැලැක්වීම ලෝහ

• පෘශ්ඨ අතර මුද්‍රාවක් නැත්නම් සීල් එකක් විදියට ක්‍රියා කිරීම

• එන්ජිම සිසිලනය කරවීම

විදියට ගන්න පුලුවන්.

ඒ ඒ එන්ජින් නිශ්පාදනය කරල තියෙන කාර්ය මත ,එමිශන් ස්ටෑන්ඩර්ඩ් මත එන්ජිමෙන් එන්ජිමට ඉහල කියපු කාරනා අඩු වැඩි වෙන්න පුලුවන්.

මේ වැඩේ සිද්ධ කරන්න එන්ජින් ඔයිල් වලට ඒ ඒ එන්ජින් වලට අදාලව යම් යම් ගුණාංග ඇතුළත් විය යුතු වෙනවා.මේ ගුණාංග මත එන්ජිමේ ආයු කාලය කාර්යක්ෂමතාවය සහ ඉන්ධනපරිභෝජනය කියන සාධක වෙනස් වෙනව.

එන්ජින් ඔයිල් එක තිබිය යුතු ගුණාංග මොනවාද

- ස්නේහන ගුණය -

එන්ජිමක චලනය වෙන කොටස් අතර ඝර්ශනය නිසා ඇති වෙන ශක්ති හානි ශබ්දය , තාපය වගේ ඉන්දන දහනයෙන් නිපදවුනු ශක්තිය අපතේ යන මාර්ග අවම කිරීම ස්නේහන ගුණය මගින් සිදු කෙරෙනව.

- සිසිලන ගුණය -

එන්ජිමක වෝටර් කූලින් සිස්ටම් එකකින් සෘජුවම කූල් කරන්න බැරි එන්ජිමේ අභ්‍යන්තර ක්‍රියාකාරි කොටස් කූල් කරන්න එන්ජින් ඔයිල් වල හොද කූලින් ඉෆෙක්ට් එකකුත් තිබිය යුතු වෙනව.ඒ මගින් අඩු ක්ලියරන්ස් මත ක්‍රියා කරන එන්ජින් කොටස් රත් වෙලා ප්‍රසාරනය වෙලා හිරවීම වලක් වනව.

- පෙන සහ වායු බුබුලු වැලැක්වීමේ ගුනය -

එන්ජිමක් ඇතුලෙ යාන්ත්‍රික කොටස් ක්‍රියාත්මක වෙන කොට එන්ජින් ඔයිල් කැලැත්තෙනව ..ද්‍රවයක් කැළැත්තෙනකොට ද්‍රවයට තුලට වාතය කලවම් වෙලා ද්‍රවය ඇතුලෙ වායු බුබුලු හට ගන්නව..
සම්පීඩිත පද්දතියක් වෙන ස්නේහන පද්දතියෙ ඇතුලෙ වායු බුබුලු රැදුනොත් ඔයිල් පීඩනය නියතව තියා ගන්න බැරි වෙනව සහ ස්නෙහනය සිසිලනය හරියට සිදුකරන්න බැරි වෙනව. එමගින් එන්ජින් කොටස් වලට හානි වෙන්න පුලුවන්.

- සේදුම් කාරක ගුණය-

එන්ජින් ඔයිල් එකක සේදුම් කාරක ගුනයක් අනිවාර්‍යෙන් තිබිය යුතු වෙනව.එන්ජිම ක්‍රියාත්මක වීමේදී ඇතිවෙන කාබන් කොටස් සලජ් සහ වෙනත් සංයෝග එන්ජිම අභයන්තරය පුරාම ගමන් කරල එන්ජින් ඔයිල් මගින් සෝදාගෙන ඇවිත් ඔයිල් ෆිල්ටර් එකට එකතු කරන්නව.. එහෙම නොවුනොත් මිලි මීටරයකින් සීයෙන් පංගු දෙක තුනක ක්ලියරන්ස් වල ක්‍රියා කරන එන්ජින් බ්‍රෙයාරින් වලට හානි වෙන්න පුල්වන්.

- මල කෑම වැලැක්වීමේ ගුණය -

එන්ජිමක් කියන්නෙ හයිඩ්‍රො කාබන් සහ වාතය දහනය මගින් බලය උත්පාදනය කරන යන්ත්‍රයක් නිසා දහනය කියන රසායනික ක්‍රියාවලියෙදී ඇතිවෙන රසායනික ප්‍රතිපල නිසා එන්ජිම තුල සුලුවශයෙන් හෝ අම්ල වර්ග භශ්ම වර්ග නිපද වීම සිද්ද වෙනව .මේ අම්ල හා භශ්ම නිසා ලෝහ කොටස් මල කෑමෙ සීග්‍රතාවය වැඩි වෙනව.ඒ නිසා මල කෑම අවම කරන එක එන්ජින් ඔයිල් සතු කාර්‍යක්.

- දුශ්‍රාවිතාවී ගුණය -

එන්ජින් ඔයිල් එකක් හැම විටම පීඩනයට හා කම්පන උරා ගැනීමට ගලා යාමේ යම් කිසි ප්‍රතිරෝදයක් තියෙන්න ඕන.ඒ කියන්නෙ යම් ආකාරයක ගනකමක් තියෙන්න ඕන.

- උශ්නත්වය මත සංයුතිය වෙනස් නොවීමෙ ගුණය -

අඩු උශ්නත්ව පරාස තුල ඔයිල් මිදීම වලක්වන්නත් ඕන ඉහල උශ්නත්ව මත වාශ්ප නොවී තියෙන්නත් ඕන වගේම රසායනිකව වෙනස් වීම අවම වෙන්න ඕන

ඔය වගේ ගුනාංග බොහොමයක් එන්ජිමට දාන ඔයිල් එකක තියෙන්න ඕන.නමුත් ඔය කියන එන්ජිමට අවශ්‍ය කරන සියලුම ගුනාංග ඔයිල් සාදන්න ගන්න මූලික බේස් ඔයිල් එකේ නැහැ.

එහෙනම් මේ මූලික බේස් ඔයිල් එකට ඔය කියන සියලුම ගුනාංග අන්තර් ගත වෙන්න බාහිරින් ආකලන ( additives) එකතු කළ යුතු වෙනවා...මේ විදිහට එකතු කරන ආකලන මත ඔයිල් වල ගුණාත්මකතාවය අඩු වැඩි වෙනවා..

මූලිකවම එන්ජින් නිශ්පාදකයා විසින් තමන්ගෙ එංජිමේ අවශ්‍යතාවයන් අනුව එන්ජිමට සුදුසු ඔයිල් එකක් නිර්දේශ කරනවා.මේ නිර්දේශ කරන ඔයිල් එක ඒ එන්ජිමේ සියලුම අවශ්‍යතාවන්ට වඩාත්ම සුදුසු වගේම ඒ වෙනුවෙන්ම නිපදවන ඔයිල් එක වෙනව වගේම මේ ඔයිල් එක වැඩි කිලෝමීටර් ගානක් භාවිතා කරන්නත් හැකියාව ලැබෙනව..

හේතුව ඉන්දන වායු මිශ්‍රණය දහනයේදී අදාල එන්ජිමට එකතු වෙන අහිතකර ද්‍රව්‍ය මොනවාද යන්න හරියටම හඳුනගෙන එම අපද්‍රව්‍ය පිරිසිදු කරන්න අවශය ආකලන නිවරදීම ප්‍රමානයට එකතුකරල අනිකුත් අවශ්‍යතාවයන්ට සරිලන ලෙස මේ OEM ඔයිල් එක නිෂ්පාදනය කරලා තියෙන නිසා..

උදාහරණ විදිහට ගත්තොත්

- VW 50101 -
ලෝ පෆෝමන්ස් එන්ජින් සඳහා මල්ටිග්‍රේඩ් පෙට්‍රල් එන්ජින් ඔයිල්
(replacement interval 15000km or 1 year)

- VW 50200 -
හයි පෆෝමන්ස් එන්ජින් සඳහා මල්ටිග්‍රේඩ් පෙට්‍රල් එන්ජින් ඔයිල්
(replacement interval 15000km or 1 year)

- VW 50500 -
ටර්බෝ චාජ් සහිත හා රහිත එන්ජින් සඳහා මල්ටිග්‍රේඩ් ඩීසල් එන්ජින් ඔයිල්

- Porsche A40 -
මල්ටිග්‍රේඩ් ඔයිල් පෙට්‍රල් එන්ජින් සඳහා

- Porsche C30 -
මල්ටිග්‍රේඩ් ඔයිල් ඩීසල් එන්ජින් සඳහා..

වහන නිශ්පාදකයින් විසින් තමන්ගේ වාහන වලට සුදුසුම ඔයිල් මේ විදියට එන්ජින්වල අවශ්‍යතාවයන්ට අනුව නිර්දේශ කරල තියෙනව.

නමුත් සමහර අවස්ථාවල වාහන වලට නිෂ්පාදකයා අනුමත කරන ඔයිල් සොයා ගැනීමට අපහසු වීම නිසාත් තාක්ෂණික ලෝකයේ දියුණුවත් සමග තාමත් අධික ලෙස මෝටර් රථ නිෂ්පාදනය වැඩි වන විට ඔයිල් සඳහා ඇති ඉල්ලුම පිරවීමට ඔයිල් නිෂ්පාදනය කරන තවත් පාර්ශවයන් ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න උනා..

මේක එකතු උන ඔයිල් නිෂ්පාදකයින් හට ඇතිවෙච්ච ප්‍රධාන ප්‍රශ්නයක් තමයි තියෙන වාහන මාදිලි විශාල ප්‍රමාණයකට ඒ ඒ මාදිලියට අදාල වෙන වෙනම ඔයිල් වර්ග විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නට සිදුවීම ප්‍රායෝගිකව අමාරු වෙච්ච එක.

මෙතනදී එන්ජින් ඔයිල් වල ගුණාත්මකතාවය සහ බාවිතය සඳහා යම්කිසි සම්මත කරණයක් අවශය උනා.

මේ සම්මත කරන ඇති වුණාට පස්සේ නිශ්පාදකයා විසින් තමාගේ වාහනයට වඩාත්ම සුදුසු නිර්දේශ කරන ඔයිල් එක වගේම සම්මත කරණයට අදාලව තමන් නිශ්පාදනය කරපු එන්ජිමට දැමිය යුතු ඔයිල් වල තිබිය යුතු අවම ගුණාත්මකතාවය සහ වර්ගීකරන අකුරු සහ අංක මගින් ඉදිරිපත් කලයුතු උනා..
උදා - ( SAE 15W 40 / API CI4/SL - E7)

ඔයිල් නිශ්පාදක සමාගම් මේ සම්මතකරනවලට සහ වර්ගීකරන වලට අදාලව ඔයිල් නිපදවන්න පුලුවන් උන නිසා එන්ජින වලට අවශ්‍ය අවම සුදුසු කම සහිත හෝ ඊට ඉට වඩා ඉහල සුදුසුකම් වලින් යුත් ඔයිල් වෙලදපලට නිකුත් කරපු නිසා

වාහන හිමිකරුවන්ට තමන්ගෙ වහන වලට පහසුවෙන් සුදුසු ඔයිල් එක තෝරාගන්න හැකියාව ලැබුනා...

මේ සම්මතකරනයන් වලදී මූලිකව

• SAE (Society of automotive engineers)

• ACEA (Association of europen engine manufacturers

• HTHS (High temperature high shear viscosity)

• API (American petroleum institute)

•JASO (Japenese automotive standards organization)

• ILSAC (Lubricants standardization and approval committee)

යන ආයතන වල නිර්දේශයන්ට අනුව ඔයිල් වර්ග කිරීමට ඉලක්කම් හා අකුරු භාවිතා කරල ඔයිල් වල ප්‍රධාන විස්තර ඉදිරිපත් කරන්න හැකියාව ලැබුන..

මේ නිසා එන්ජින් නිශ්පාදකයා නිර්දේශ කරන ,අන්තර්ගත ආකල මත මිල අදික එන්ජිමට අදාලම ඔයිල් එක නැති උනත් එන්ජින් නිශ්පාදකයාගේ අවම නිර්දේශයට අදාල ඔයිල් එකක් වෙලදපලෙන් ලබා ගන්න වහන හිමිකරුවන්ට හැකි උනා..

නමුත් මේ ඔයිල් වල ඔයිල් ආකලන වර්ග සහ ප්‍රමානය පොදුවේ බහුතර එන්ජින් වලට අදාලවල යොදා තියෙන නිසා සමහර එන්ජින් වලට ඇතැම් ආකලන ප්‍රමානවත් වෙන්නත් සමහර එන්ජින් වලට මේ ආකලන මදි වෙන්නත් සමහර එන්ජින් වලට මේ ආකලන වැඩි වෙන්නත් පුලුවන් නිසා .එන්ජින් නිශ්පාදකයා නිර්දේශ කරපු OEM ඔයිල් එක භාවිතා කරන්න පුලුවන් සෙර්විස් ඉන්ටර්වල් එක මේ ඔයිල් වලින් සපුරාගැනීමට නොහැකි වෙන අවස්තා තියෙන්න පුලුවන්.

හේතුව එන්ජින වලට Turbo charger, DPF Filter , EGR system , compression ratio, sulfer content, වගේ පද්ධති ඇතුලත් වෙනකොට ඒ පද්දති වල ක්‍රියා කාරිත්වය නිසා ඇති වෙන සංයෝග හා සංගටක උකහා ගැනීමට OEM ඔයිල් වල අදාල එන්ජිම වෙනුවෙන්ම ඊට අනුකුල ආකලන ඇතුලත් කරල තිගෙන නිසා..

OEM ඔයිල් එක වැඩිකිලෝමීටර ගානක් භාවිතා කරන්නත් යම් යම් සම්තකරන යටතේ නිපදවෙන ඔයිල් වලින් නිශ්පාදකයාගේ අත්පොතේ සදහන් කිලෝමීටර ගාන දුවන්න බැරිවෙන්නත් ඕක ප්‍රධාන හේතුවක් වෙනව.

ඒ වගේම වෙලඳපලේ තියෙන එක් එක් ඔයිල් බ්‍රෑන්ඩ් සහ මාදිලි විවිද මිල ගනන් යටතේ අලෙවිවෙන්නත් ඒ ඔයිල් නිශ්පාදකයින් පාවිච්චි කරන ආකලන හේතු වෙනව..

ඔයිල් වර්ග සහ ඒවයේ යෙදීම් ගැන තවත් ලිපියකින් කතා කරමු..

උත්පල මහීකාන්ත

Upholstery cleaning 👍
26/11/2019

Upholstery cleaning 👍

එන්ජින් ඕවර්හීට් වීමට බලපාන ප්‍රධානතම හේතු... විවිධ හේතු නිසා එන්ජින් ඕවර්හීට් තත්වයන් ඇති විය හැකි නමුත් ප්‍රධාන හේතුන්...
02/01/2018

එන්ජින් ඕවර්හීට් වීමට බලපාන ප්‍රධානතම හේතු...

විවිධ හේතු නිසා එන්ජින් ඕවර්හීට් තත්වයන් ඇති විය හැකි නමුත් ප්‍රධාන හේතුන් නිසා සාමාන්‍යයෙන් සිසිලන පද්ධතියේ උෂ්ණත්වය නිසිපරිදි අවශෝෂණය කර ගැනීමට සහ තාපය විසුරුවා හැරීමට බාධා ඇ‌ති කරයි.එබැවින් එන්ජින් ඕවර්හීට් වීමට බලපාන මෙම කරැණු ගැන සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත්ය.

1. සිසිලන පද්ධතිය කාන්දු වීම

එන්ජින් ඕවර්හීට් වීමට සිසිලන පද්ධතිය කාන්දු වීම ප්‍රධාන හේතුවකි.රේඩියේටර්,රේඩියේටර් කැප්,වෝටර් පම්ප්,හීටර් කෝර්,තර්මස්ටැට් හවුසින්,හෙඩ් ගෑස්කට්,ට්‍රාන්ස්මිෂන් සහ එන්ජින් ඔයිල් කූලර් හෝ සිලින්ඩර් හෙඩ්/බ්ලොක් ආ‌දී සියල්ල ඇ‌තුලත් විය හැකිය.කාන්දුවීමක් තිබේදැයි තීරණය කිරීම සඳහා පීඩන පරීක්ෂණයක්(Coolent systems pressure test)සිදු කරන්න; කූලන්ට් සිස්ටම් ප්‍රෙෂර් ගේජ් එකක් මගින් පද්ධතියට අවම වශයෙන් මිනිත්තු 2 ක කාලයක් පීඩනය යෙදිය නොහැකි නම් එය සමහර විට කාන්දු විය හැකිය.

2. දෝෂ සහිත තර්මස්ටැට් වෑල්

එන්ජිමේ උෂ්ණත්වයේ ප්‍රතිචාරයක් ලෙස තර්මස්ටට් වෑල්වය විවෘතවීම සහ වැසීම සිදුවන අතර වෑල්වය විවෘත වී ඇ‌ති විට රත් වූ කූලන්ට්/ජලය රේඩියේටර් වෙත ගමන් කරන අතර තර්මස්ටෑට් වෑල්වය වැසී ඇ‌ති විට සීතල එන්ජිමක උෂ්ණත්වය වේගවත් කිරීම සඳහා කූලන්ට් ප්‍රවාහය රේඩියේටරය හරහා ගමන් කිරීම වලක්වනු ලැබේ.තර්මස්ටැට් වෑල්වය වැසී හිරවී ඇති විට(Stuck closed)කූලන්ට් එන්ජිම තුල සිරවී එන්ජිම ඕවර්හීට් වනු ඇ‌ත.වෑල්වය විවෘතවී හිරවී(Stuck open)ඇත්නම් එන්ජිම නිසි ක්‍රියාකාරී උෂ්ණත්වය වෙත ළඟා නොවනු ඇත.

3. වැරදි කූලන්ට් සාන්ද්‍රණය

වැරදි ආකාරයේ කූලන්ට් හෝ කූලන්/ආ‌ස්‍රෘත ජල අනුපාතය එන්ජින් ඕවර්හීට් වීමට හේතු විය හැක.වාහන නිෂ්පාදකයා විසින් නිර්දේශ කර ඇති පරිදි නිසි ලෙස කූලන්ට් භාවිතා කරන්න.

4. අවහිර වූ කූලන්ට් ගමන් මාර්ග

අපද්‍රව්‍ය, මලකඩ, අවසාදිත හා සුන්බුන් මගින් එන්ජිමේ උෂ්ණත්වය නියාමනය කිරීමේ හැකියාව සීමා කරන අතර සිසිලන පද්ධතිය හරහා කූලන්ට් ගමන් කිරීමට බාධා කිරීම් හෝ අවහිර කළ හැකිය.අවසාදිත ද්‍රව්‍ය නිසා සිසිලන පද්ධතියේ සංරචක බිඳවැටීම සහ දිරාපත්වීම් ඇ‌ති විය හැකිය.

5. දුර්වල රේඩියේටර් ෆෑන්

ෆෑන් ක්ලච් හෝ ෆෑන් බ්ලේඩ්.කැඩී ගිය හෝ වොබලි ෆෑන් නිසා එන්ජිමේ උෂ්ණත්වය නිසි ලෙස නියාමනය කිරීමට නොහැකි වී එන්ජින් ඕවර්හීට් වීම ඇ‌ති කරයි.

6. දුර්වල රේඩියේටර්

රේඩියේටරයේ සකසා ඇ‌ති ශ්‍රේණි ගත වරල් හා නල මාර්ග මාලාවක් හරහා කූලන්ට් ගමන් කරන විට කූලන්ට් උෂ්ණත්වය අඩු වීම සිදු වන අතර අවහිර වූ සහ කාන්දු වීම් රේඩියේටර් අසමත්වීම සඳහා බලපාන පොදු හේතු වේ.
රේඩියේටර් ක්‍රියාකාරීතවයට ඇ‌ති වන ඕනෑම ආකාරයක බාධා වීම් හෝ කිසියම් ආකාරයක බිඳවැටීම්,අහිතකර එන්ජින් උෂ්ණත්වයක් ඇතිවීමට සහ ඕවර්හීට වීමට හේතු විය හැක.

7. ගෙවුණු රේඩියේටර් හෝස්

ඉරිතලා හෝ කැඩී ඇ‌ති රේඩියේටර් හෝස් නිසා සිසිලන පද්ධතියේ කාන්දු වීම් ඇ‌ති වන අතර එන්ජින් කූලන්ට් නිසියාකාරව ගලා යාමේ අවදානමක් ඇතිවී එන්ජින් ඕවර්හීට් වීම ඇ‌තිවේ.

8. කැඩුණු වෝටර් පම්ප් ඩ්‍රයිව් බෙල්ට්

බොහෝ බෙල්ට් ඩ්‍රයිව් සිසිලන පද්ධතිවලදී,සිසිලන පද්ධතිය පුරාම වඩා හොඳ කූලන්ට් ප්‍රවාහයක් සඳහා නිසි වේගයකින් වෝටර් පම්ප් ධාවනය කරයි. කැඩුණු වෝටර් පම්ප් ඩ්‍රයිව් බෙල්ට් මගින් වෝටර් පම්ප් නිසියාකාරව භ්‍රමණය වීම වලක්වන අතර එන්ජිම ඕවර්හීට් වීමක් සිදු කරයි.(එන්ජින් ටයිමිං බල්ට් මගින් ක්‍රියාකරන වෝටර් පම්ප් මීට අදාල නොවේ)

9. බුරැල් වූ වෝටර් පම්ප් ඩ්‍රයිව් බෙල්ට්

බුරැල් වූ වෝටර් පම්ප් ඩ්‍රයිව් බෙල්ට් නිසාද නිසියාකාරව වෝටර් පොම්ප් ක්‍රියානොකිරීම නිසා කූලන්ට් ගලායාම සඳහා නිවැරදි වේගයක් පවත්වා ගත නොහැකි වී එන්ජින් ඕවර්හීට් වීම සිදුවේ.

10. දුර්වල හෝ දෝෂ සහිත වෝටර් පම්ප්

වෝටර් පම්ප් එන්ජින් සිසිලන පද්ධතියේ කේන්ද්‍රය වශයෙන් සැලකෙන අතර කූලන්ට් පීඩනය සහ පද්ධතිය හරහා කූලන්ට් ප්‍රචාලනය කිරීම සඳහා වගකිව යුතු ප්‍රධානතම අංගයි.වෝටර් පම්ප් බිඳවැටීම් නිසා සිසිලන පද්ධතිය නිසි ලෙස අපවහන කිරීම,පොම්ප ඉම්පිලර් වොබලි වීම හෝ ඉමිපිලර් ශෘෆ්ට් හරහා ලීක් වීම මගින් කූලන්ට් ගලා යාමට බාධා ඇ‌ති වී එන්ජිම උෂ්ණත්වය ඉහළ යාම හෝ ඕවර්හීට් වීම් තත්වයන් ඇති විය හැකිය.

CELEBRATING NEW YEAR............!!🎊🎊🎊🛍With our happpy customers and team members...
01/01/2018

CELEBRATING NEW YEAR............!!🎊🎊🎊🛍
With our happpy customers and team members...

Late night and still working 😅😅😅
26/11/2017

Late night and still working 😅😅😅

එන්ජින් ඔයිල් පරිභෝජනය(Engine Oil Consumption)අද භාවිතා කරන බොහෝ එන්ජින් වල ඔයිල් පරිභෝජනය සාමාන්‍යයෙන් 3000-5000km කට 0...
09/09/2016

එන්ජින් ඔයිල් පරිභෝජනය(Engine Oil Consumption)

අද භාවිතා කරන බොහෝ එන්ජින් වල ඔයිල් පරිභෝජනය සාමාන්‍යයෙන් 3000-5000km කට 0.125L වන අතර තවත් සමහර ඒ‌වායේ ඔයිල් පරිභෝජනය නොකරන තරම්ය.(අලුත්ම වාහන වල පළමු 5000km ඇ‌තුලත එන්ජින් ඔයිල් පිච්චීම මදක් වැඩිවීම සාමන්‍ය බව බොහෝ වාහන නිෂ්පදකයන් පවයි)නමුත් කාලයත් සමග ධාවන කිලෝමීටර් ගණන සහ ගෙවීම් සමග මෙම අගය ඉහළ යාම ස්භාවිකය.
ඉහළ ධාවන සැතපුම් එන්ජිමක 1500-2500km කට 0.250L වඩා පරිභෝජනය තරමක් අසාමාන්‍යය වුවත් එය තවමත් පිලිගත හැකි මට්ටමේ ඇ‌ත.නමුත් 1000km කට 0.250L පරිභෝජනය අධික තත්වයක් වන අතර සයිලන්සරයෙන් නිල් දුම දැමීම මගින් ඔයිල් අධික පරිභෝජනය කරන බව සංඛේතවත් කරනු ලබයි.
ඔයිල් පරිභෝජනයට වෙනත් හේතුවක්(කාන්දුවීම්)නොමැති නම්,ඔබගේ වාහනයේ වටිනාකම සහ ඔබට ඒ‌ සඳහා වියදම් කල හැකි මුදල මත එන්ජින් අලුත් වැඩියාවක් හෝ අලුත් එන්ජිමක් මාරැ කල හැකිය.
එන්ජින් ඔයිල් පිච්චීම මගින් ස්පාර්ක් ප්ලග් දූෂිත විය හැකි අතර එමගින් එන්ජින් මිස්ෆයර් ඇ‌ති විය හැකිය(ප්‍රෙට්‍රල් එන්ජින්).ඒ‌ නිසා අධික වායු විමෝචන නිසා කැටලික් කන්වටරය විනාශ කරනු ලබයි.ඒ‌වගේම වායු විමෝචන පරීක්ෂන අසමත් වීමටද හේතුවේ.(අධික හයිඩ්‍රෝකාබන්-HC)
එන්ජින් ඔයිල් අඩුවීම කාන්දු නිසාද ඇ‌ති විය හැකිය.(වෑල් කවර් ගෑස්කට්,ඔයිල් සම්ප් ගෑස්කට්,ක්‍රෑන්ක්ශාෆ්ට් එන්ඩ් සීල්,කෑම්ශාෆ්ට් සීල් ආ‌දිය)නමුත් එන්ජින් අභ්‍යන්තර ප්‍රශ්ණයක් නිසා නම් ඒ‌ සඳහා ප්‍රධාන එන්ජින් අලුත්වැඩියාවන් අවශ්‍ය වනු ඇ‌ත.(සිලින්ඩර් බෝර්,පිස්ටන් සහ රිංග්ස් ගෙවීම,වෑල් සීල් සහ වෑල් ගයිඩ් ගෙවීම,හෙඩ් ගෑස්කට්,බ්‍රීදර් වෑල් සහ PVC වෑල් දෝෂ ආ‌දිය)
ඉහළ ධාවන සැතපුම් එන්ජින් සඳහා ඔයිල් පර්භෝජනය අඩු කරන්නේ කේසේද?(HOW TO REDUCE OIL CONSUMPTION IN HIGH MILEAGE ENGINE)
"miracle" ප්‍රතිකර්ම ඔයිල් පිච්චීම නැවත්විය හැකි අතර ගෙවුණු සිල්න්ඩර් සහ රිංග්ස් යන්තමට පිලිසකර කර විය හැකිය.නමුත් සමහර ක්‍රෑන්ක් කේස් ඇ‌ඩිට්ව්ස් ඔයිල් පිච්චීම අඩු කල හැකි අතර එය මුලුමනින්ම නැවතිය නොහැකිය.
තවත් විසඳුමක් නම්, "high mileage" ඔයිල් වරගයක් භාවිතා කිරීමයි.මෙම ඔයිල් විශේෂයෙන් අමතර සංකලන එකතු කර ඔයිල් පිච්චීම අවම වන ආ‌කාරයට සකකස් කර ඇ‌ත.
අනෙක් විසඳුම නම්,දුස්‍රාවිතාව වැඩි ඔයිල් වර්ගයක් භාවිතා කිරීම ඔයිල් පිච්චීම අවම කිරීමට සහාය විය හැකිය.උදාහරණ:දැනට 15W40 ඔයිල් භාවිතා කරන්නේ නම් ඊළඟ ඔයිල් මාරැකිරීමේ දී 20W40 වැනි දුස්‍රාවිතාවය වැඩි ඔයිල් වර්ගයක් යෙදීම.නමුත් එය රස්නය සහිත කාලගුණ වලදී පමණක්.හේතුව වැඩි දුස්‍රාවිතාව සහිත ඔයිල් සීත කාලගුණ තත්ව වලදී ඝනකම් වැඩි වන බැවින් පණගැන්වීමේ සහ ලුබ්රිකේෂන් ප්‍රශ්ණ ඇ‌ති කරනු ලැබීමයි.

උපුටා ගැනීම
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

Address

Galle Road
Waskaduwa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94777904617

Website

Alerts

Be the first to know and let us send you an email when Silver Shine Service Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Silver Shine Service Centre:

Share